ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.
ඒ අනුව නුගේගොඩ නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි වාර්තා වෙන්නේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.
ඒ අනුව නුගේගොඩ නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි වාර්තා වෙන්නේ.
සර්ව ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීරගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.
ඒ අනුව කොට්ටාව නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි සඳහන් වෙන්නේ.
අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසනවා.
අයිඩෘස් මොහමදු ඉල්යාස් මියයාමෙන් පසු ඔහු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නම් කරන ලෙසට අදාළ අපේක්ෂකයා යෝජනා කළ තැනැත්තාට දැනුම් දුන්නද, එම දැනුම් දීමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ඒ අනුව, අයිඩෘස් මොහමදු ඉල්යාස්ගේ නම ඡන්ද විමසීමට අදාළ ලේඛණ වලින් මෙන්ම ඡන්ද පත්‍රිකාවෙන් ද ඉවත් කරනු ලැබු බව සලකන බව මැතිවරණ කොමිසමයි වැඩිදුරටත් සඳහන් කළා.
අදාළ නිවේදනය පහතින්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වනවා.
ඒ අනුව දෙමව්පියන් ඉල්ලා සිටින්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයට සාධාරණයක් ඉටු කරන ලෙසයි.
ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාවද ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝ මොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කර තිබෙනවා.
මෙය දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව බවත්, මෙම කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27 ක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
කිරුලපන ප්‍රදේශයේදී මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව කොළඹ නගරය, කොට්ටාව, නුගේගොඩ සහ පිළියන්දල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම රැලි සංවිධානය කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.
එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා පොලීසියෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.


ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන පුද්ගලයන් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
නිහඬ කාලය තුළ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වැනි ක්‍රියා සිදු කිරීම කළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් සඳහන්ව තිබෙනවා.
එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබනවා.
බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබෙනවා.
https://www.youtube.com/embed/eHEirhHftuk?si=rF59bb3dPPxqvGUA” title=