https://www.youtube.com/embed/b5w1sZlKxGM?si=ifI_mo5LFWWhJLl4″ title=
Author: Supun
ලේකම්වරැන් හරහා රට කරන්න පුළුවන් නීතිය ඒකයි- ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්
https://www.youtube.com/embed/H5STb3KVduI?si=K1Jr3-P2s7bzKXEh” title=
දැන් රැල්ල කැරකෙන්නේ පොහොට්ටුව පැත්තටයි හිටපු ඇමති ජොන්ස්ටන් කියයි…….
https://www.youtube.com/embed/vtfyWhDfysk?si=xkWu8tfDnoK3RdOW” title=
ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතාට
අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතා මාධවී විසින් දිනාගෙන තිබෙනවා.
ඇය ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මේ සඳහා නිර්දේශවී තිබුණා.
ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දුනිත් වෙල්ලාලගේට
අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.
ඒ අනුව සුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මේ සඳහා නිර්දේශවී තිබුණා.
මොනතරම් අවලාද නැගුවත් අසත්‍ය කතා පැතුරුවත් ජාතික ජන බලවේගයේ ගමන පරාජය කළ නොහැකියි – අනුර
සිය ජයග්‍රහණයෙන් පසු මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදුවන බවයි පන්නල නගරයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
රනිල් වික්‍රමසිංහ මොන තරම් අවලාද නැගුවද, සජිත් ප්‍රේමදාස මොන තරම් අසත්‍ය කතා පැවසුවද ජාතික ජන බලවේගයේ ගමන පරාජය කිරීමට නොහැකි බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
රටේ නායකයා බවට පත්විය යුත්තේ සැමට සමානව සලකන නායකයෙක් – සජිත්
රටේ නායකයා බවට පත්විය යුත්තේ ජාති ආගම් බේදයකින් තොරව සැමට සමානව සලකන නායකයෙක් බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
එසේම මඩකලපුව ප්‍රදේශයේ ඇති පාසල් 361 ක් සුහුරු පාසල් බවට පත් කිරීමටත් රෝහල්ද සුහුරු රෝහල් බවටද පත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.
ජනතාවගේ ජීවන බර සටන 2025 දී අවසන් කරනවා – ජනපති
ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට ලබන වසරේදි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියල තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට එම සහන ලබාදීමට හැකිවනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රටක බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩගැනීමට අසීරු තීරණ ගැනීමට සිදුවුවද අවසානයේ සහන හිමිවන බවයි සඳහන් කළේ.
අලුත් ආර්ථිකයක්, අලුත් රටක් හා අලුත් දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමේ වැඩසටහන තමා මේ වන විටත් ආරම්භ කර තිබෙන බවද තමන්ට අවශ්‍ය රටට අලුත් ආර්ථිකයක් ලබා දීම බවද පැවසු ජනාධිපතිවරයා සජිත්ට හෝ අනුරට එය කළ නොහැකි බවයි දෙහිවල පැවති “රනිල්ට පුළුවන්” ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක් නිසා දුම්රිය ධාවනයට බාධා
මහව හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව රාගම හන්දිය පසුකර ධාවනය වීමට නියමිත දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කොස්ලන්ද කඳු රක්ෂිතයේ ගින්නක්
කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්ලන්ද කඳු පංතියේ (15) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්න ඊයේ රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 10 කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අද (16) උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
