ශ්‍රි ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක දිවුරුම්දීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ දිවුරුම්දීමේ කටයුත්ත සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ශ්‍රි ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක දිවුරුම්දීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ දිවුරුම්දීමේ කටයුත්ත සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට තමන් සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.
ඒ අනුව වාර්ගික හෝ ආගමික ස්වෝත්තමවාදයෙන් තොරව ගනු ලැබූ මෙම ජයග්‍රහණය ආකර්ශනීය බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.
අදාළ X පණිවිඩය පහතින්.

ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 52% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටිනවා.
මේ වන විට දිස්ත්‍රික්ක 21ක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඡන්ද බල ප්‍රදේශ 13ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්.
මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව සමස්ත ප්‍රතිඵලය පහතින්.
* අනුර කුමාර දිසානායක – 727,758 – 52.00%
* සජිත් ප්‍රේමදාස – 333,934 – 23.86%
* රනිල් වික්‍රමසිංහ – 235,673 – 16.84%
* නාමල් රාජපක්ෂ – 41,104 – 2.94%
සියලු නිල ඡන්ද ප්‍රතිඵල ඔබට නිකුත් වූ සැණින් හෙළකුරු ජනවරම ඩිජිටල් මැතිවරණ විකාශය ඔස්සේ දැනගැනීමේ හැකියාව පවතිනවා.
ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව අද අලුයම 12.50 ට හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ CX.610 දරණ ගුවන් යානයෙන් එම හිමියන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අවසන් ප්‍රතිඵලය තවම ප්‍රකාශයට පත් කර නැතත්, ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක බව මේ වන විට පැහැදිලි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.
රජයක් පිහිටුවීමේදී, බල පෙරළියේ සැරිසැරීමේදී සහ මහ මැතිවරණයක් කැඳවීමේදී නව ජනාධිපතිවරයාට සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීමට සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.
විධායක ජනාධිපති ක්‍රමය සතු අතිමහත් බලතල පිළිබඳව ප්‍රවේශම් වන ලෙසත් මහජන වගකීම පිළිබඳ හැඟීමකින් යුතුව ඒවා ක්‍රියාත්මක කරන ලෙසයි සාලිය පීරිස් ඉල්ලා සිටින්නේ.
අදාළ නිවේදනය පහතින්.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සුබ පතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කර තිබෙනවා.
අදාළ X පණිවිඩය පහතින්.

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව ඇය සහ ඇයගේ පියා අද අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ EK.649 දරණ ගුවන් යානයෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ඇඳිරි නීතිය අද මධ්‍යහ්න 12.00 දක්වා දීර්ඝ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
ඊයේ රාත්‍රී පැනවූු ඇඳිරි නීතිය අද (22) පෙරවරු 6.00 ට අවසන් වීමට නියමිතව තිබුණත් මෙම තීරණය හේතුවෙන් එය අද මධ්‍යහ්න 12.00 දක්වා ක්‍රියාත්මක වනවා.
ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කර තිබුණා.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ ඔහු සිය ඡන්දය භාවිතා කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන් මිත්‍රශීලීත්වයෙන් එකමුතුභාවයෙන් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අද රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.