ඊශ්‍රායලයේ උතුරු කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා ඉල්ලීමක් කරනවා.

ඒ අනුව විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත්තේ.

ආරක්ෂිත නලා නාදවන සෑම අවස්ථාවක දීම තමන් අසල ඇති ආරක්‍ෂිත නිවස්නයට ගොස් ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

IMF වැඩසටහන සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරනවා – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක තමන් දැරූ ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

එසේම ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

දිනේෂ් ගුණවර්ධන සිය අග්‍රමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම දැනුම්දී තිබෙනවා.

අදාළ ලිපිය පහතින්.

66f0e3cc35e6apdf_page_0

අභිනව ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (23) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් බැහැදැක තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව ආරක්ෂක ලේකම්වරයෙක් පත් කෙරේ

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කෙරේ

නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (23) මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.

ආචාර්ය නන්දික සනත් කුමානායක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ PhD උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකා රේගුවේ Integrity Development Advisor ලෙස කටයුතු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධව ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී මේ වන විට පැවැත්වෙන උත්සවයේදී ඔහු දිවුරුම් දෙනු ලැබුවා.