https://www.youtube.com/embed/gM6O7sjg5ZU?si=iMxxOFJZnwfQ_R-y” title=
Author: Supun
ජනපති අනුර දිවුරුම් දීමෙන් පසු ජාතික ජන බලවේගයේ නියෝජිතයින් මාධ්‍යවලට පිලිතුරු දෙයි….
https://www.youtube.com/embed/MSZLRJLWNTg?si=KpeUaiYWUA9pJ5-v” title=
Boston Lanka with Rev. Kingsley Weerasinghe,
https://www.youtube.com/embed/iUXgKdHKe3E?si=Tba9ifJ-LKjR2PiR” title=
විශ්ව වෙනුවට නිශාන් පීරිස්ව සංචිතයට කැඳවයි
වේග පන්දු යවන්නෙකු වන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකවරයා ලෙස මගේ නම යෝජනා වුණා – සජිත්
මෙවර මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකවරයා ලෙස තමන්ට මැතිවරණ ව්‍යාපාරය මෙහෙවීමට සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (24) යෝජනා කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව ඒකමතිකව එය සම්මත වූ බවයි අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරණයේ පරාජයේ වගකීම තමන් භාරගන්නා බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
රනිල් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ – රුවන් විජේවර්ධන
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.
එසේම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට ද අපේක්ෂා නොකරන බවයි රුවන් විජේවර්ධන සඳහන් කළේ.
ඉදිරි මහ මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඊයේ (23) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණා.
නව අමාත්‍ය මණ්ඩලය තිදෙනෙකුට සීමාවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කැබිනට් මණ්ඩලය අද (24) දිවුරුම් දුන්නා.
ඒ අනුව ජනාධිපතිවරයා සමඟ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත්ගෙන් සමන්විත තිදෙනෙකුගෙන් යුතු අමාත්‍ය මණ්ඩලයක් පත්කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යංශ තබාගෙන තිබෙනවා.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙසද දිවුරුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, විදේශ කටයුතු, මහජන ආරක්ෂක, පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
අදාළ අමාත්‍යංශ ඇතුළත් නිවේදනය පහතින්.

අගමැතිනි හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන ඇතුළු අමාත්‍යංශ හතක අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඇය මෙලෙස දිවුරුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දීය මහ කොමසාරිස් හමු වෙයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අදාළ හමුව සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.
දෙරට අතර පවතින ද්වි-පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති බව වැඩිදුරටත් සඳහන්.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට CID යෙන් විමර්ශන
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඊට අදාළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
