මිල අඩු කරන්න බැරි එවා හදන්නේ බේකරියේ නෙමෙයි කම්මලේද අහන අසේල සම්පත්….

https://www.youtube.com/embed/6CgVEtVZAig?si=BMUmmR8wuU_dbtu3″ title=

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා නව රජය නියෝජනය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් සහභාගීවීමට නියමිතයි.

නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොඩි ලැසීගේ ඥාතියෙක් අත්අඩංගුවට

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මදුසංඛ නොහොත් පොඩි ලැසීගේ සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතියෙකු බව සඳහන් වෙන්නේ.

46 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිවේරිය පොලිස් ස්ථානය වෙත බාර දී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද සාකච්ඡාවක්

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී කැඳවා තිබෙනවා.

ඒ අනුව, අද පස්වරුවේ මෙම සාකච්ඡාව අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩා මධ්‍යස්ථාන පහක් උත්සව නොමැතිව ජනතා අයිතියට පැවරීමට අගමැතිගෙන් උපදෙස්

රීඩා මධ්‍යස්ථාන පහක් කිසිඳු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ,  මාතලේ,  බිංගිරිය හා ඕමන්තේ යන ප්‍රදේශ වල අලුතින් නිම කරන ලද ක්‍රිඩා මධ්‍යස්ථාන පහක් මෙලෙස කිසිඳු උත්සවයක් පැවැත්වීමකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම ව්‍යාපෘති අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල් කාලයේදී වැඩ නිම කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 සඳහා සියලුම සිසුන්ට ලකුණු ලබාදීමට තීරණය කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බවට සඳහන් ප්‍රශ්න 3 සඳහා සියලුම සිසුන්ට ලකුණු ලබාදීම සුදුසු බවට විද්වත් කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.

විභාගය නැවත පැවැත්මීමට සිදුවුවහොත් අවුරුදු 10 ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටම දැඩි බලපෑමකට හා පීඩාවක් ඇති කරන බවයි එම විශේෂඥ කමිටුව සිය නිර්දේශය ඉදිරිපත් කරමින් පෙන්වාදී තිබෙන්නේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා අගමැතිනියගේ උපදෙස් පරිදි අධ්‍යාපන හා වෛද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබුණා.

ඒ අනුව එම විද්වත් කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

66f94d6bae010

“සර් වගේ කෙනෙක් ආයේ කළුතරට ලැබෙන්නේ නැහැ” හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නිවස….

https://www.youtube.com/embed/T9_zBc9pbi0?si=0B_zEVAy3crwoKD5″ title=

අළුත් සන්ධානය ගැන මල් පාරෙන් ඇහෙන දවසගානේ වෙනස් වෙන කතා ගොඩ…….

https://www.youtube.com/embed/NUZ6Qdwq7pI?si=z6kOh9a5TNN_YrPN” title=