අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් පහළට

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් වැඩිදුරටත් සඳහන් කළේ.

සනත් ජයසූරියගේ සේවා කාලය වසරකින් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වුණු ක්‍රිකට් තරගාවලි සඳහා සඳහා පත්කර තිබුණා.

බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල අඩුකළ නොහැකියි – බේකරි හිමියන්

බිත්තර මිල පහළ දැමුනද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් එලෙස පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බවයි එහි සභාපති එන්. කේ ජයවර්ධන සඳහන් කළේ.

තිරිඟු පිටි සහ මාගරින් මිල පහළ දමන්නේ නම් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන්.

O/L ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කිරීමට කටයතු කළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ආයතන වල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් ලැබුන උපදෙස….

https://www.youtube.com/embed/epLOuM7j6BQ?si=tLI57s5PDWGm62dj” title=

දඩයක්කරුවන් නිසා මිහින්තලා අභය භූමියේ මුව සතුන් ගහනය දැඩි අවධානමක….

https://www.youtube.com/embed/OQuddyYqPoQ?si=uX3skgjOTgIl56hx” title=

“රට වෙනුවෙන් අරගල කරන්න ගියාට ඊට පස්සේ අපි වෙනුවෙන් කවුරුත් නැහැ” මගදී හම්බවුන දමිතාගේ කතාව….

https://www.youtube.com/embed/jjPUzyKKdoU?si=9rFcfu6clurC4jU8″ title=

පාසල්වල සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාළමින් චක්‍රලේඛයක්

පාසල්වල පැවැත්වෙන සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් නොකළ යුතු බව දන්වමින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධාකාරයේ සැමරුම් උත්සව සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් ගැන අමාත්‍යංශයට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

එවැනි මුදල් එක්රැස්කිරීමේ හේතුවෙන් සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන හෙයින් එවැනි මුදල් එකතු කිරීම නොකළ යුතු බවයි අමාත්‍යංශ ලේකම්වරිය අවධාරණය කර ඇත්තේ.