ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03, අද දිනට යෙදී තිබෙනවා.

අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමේ අරමුණ ඇතිව මෙම දිනය නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මද්‍යසාර භාවිතය නිසා වසරකට මරණයට පත්වන සංඛ්‍යාව මිලියන 03කට ආසන්න බව වාර්තාවල දැක්වෙනවා.

ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අමද්‍යප දිනය හේතුවෙන් හෙට සිය​ළු සුරාසැල් වැසේ

හෙට (03) දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබෙනවා.

ලෝක අමද්‍යප දිනය හෙට දිනයේ යෙදීම නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66fd28704e781

අද ඩොලරයේ විකුණුම් මිල රු. 299 දක්වා පහළට

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් වනවා.

ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

66fd16ba26400

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දැක්වූ කණ්ඩායම සමඟ පමණක් මහ මැතිවරණයට යාමට තීරණය කර තිබෙනවා – කින්ස් නෙල්සන්

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දැක්වූ කණ්ඩායම සමඟ පමණක් මහ මැතිවරණයට යාමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණයේදී පක්ෂ 28 ක් සමගි ජන බලවේගය සමඟ එක්වූ බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම පක්ෂ 28 ට අමතරව අලුතින් කිසිඳු පක්ෂයක් එක් කර නොගැනීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මූලික පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා – කැබිනට් ප්‍රකාශක

කඩිනමින් ආරම්භ කළ යුතු පරීක්ෂණ කිහිපයක් මේ වන විට ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවයි අද (01) කැබිනට් තීරණ දැනුම්දීටම් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කරයි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු 4.24% කින් අඩු කර ඇති අතර නව බස් ගාස්තුද ප්‍රකාශයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ බස් ගාස්තු පහතින්.

66fbc5a1da3f7

අද ඩොලරයේ විකුණුම් මිල රු.301 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (01) පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.292.00 ක් ලෙස හා විකුණුම් මිල රු.301.05 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66fbcb0d36822

ලිට්‍රෝ ගෑස් සමාග​මේ නව සභාපති ලෙස චන්න ගුණවර්ධ​න පත් කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන පත්කර තිබෙනවා.

ඒ අනුව අද (01) දිනයේ සිට අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ අංශයෙන් පළමු පන්තියේ උපාධියක් ලබා ඇති ඔහු මැලේසියාවේ කළමනාකරණ සහ විද්‍යා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගැනීමට කටයුතු සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු දිවයිනේ ප්‍රමුඛතම CIMA කථිකාචාර්යවරයෙක් ලෙස සැලකෙනවා.

දංකොටුව පෝසිලේන්, Aitken Spence Group සහ Hirdaramani Group හි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර ඔහු තවත් සමාගම් කිහිපයකම විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ලෙස කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනපති අනුර සහ අමරිකානු තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමරිකානු තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වී තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ඇය අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙම හමුව අතරතුරදී විශේෂ අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

දේශපාලන මිතුරාට අවසන් ගෞරව දක්වන්නට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ පැමිනෙයි….

https://www.youtube.com/embed/vsZWZO41pf0?si=4hnYiAUBAB4q_zmY” title=