අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා‍, සියලුම ධීවර යාත්‍රාවලට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස දැනුම්දෙන බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සියලුම ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

පොලිස් නිලතල කිහිපයක වෙනසක් සිදුකිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

පොලිස් නිලතල කිහිපයක වෙනසක් සිදුකිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති P. අම්පාවිල පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

එම තනතුරේ මේ දක්වා කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති M.A.R ප්‍රේමරත්න බස්නාහිර පළාතේ උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම පොලිස් මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චි ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව සදහා පත්කිරීමට පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ඇති බවයි ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

විශ්‍රාමිකයන් සඳහා ලබන සතියේ සිට රුපියල් 3000 ක මාසික දීමනාවක්

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000 ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනපති සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහතින්.

6708f4f72ef8dpdf_page_0

රජයට කෝටි ගණනක පොහොර වංචාවක් සිදුකළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියෝග

ගොවි ජනතාවට අඩු මිලට ලබාදීම සඳහා වසර 6 කට පෙර ආනයනය කළ පොහොර තොගයක් රහසිගතව කර්මාන්තකරුවන්ට ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර රජයට පාඩු කළ බවට සඳහන් මෙරට පොහොර සමාගම් පහක හා තැරැව්කාර සමාගම් අටක සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

අදාළ පොහොර සමාගම්වල හා තැරැව්කාර ආයතනවල සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර දැක්වෙන වාර්තා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධියට අදාළව විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ 2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ රුපියල් 1,100 ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා පොහොර සමාගම් විසින් රුපියල් 2,500 ක මිලකට විදේශ රටවලින් පොහොර ආනයනය කර ඇති බව සඳහන් කර තිබෙනවා.

එම පොහොර තොග පොහොර සමාගම් පහක් විසින් පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3,500 බැගින් අලෙවි කර ඇතැයිද එම පොහොර තොග ජනතාවට රුපියල් 1,100ක සහන මිලට ලබා දුන් බවට අඟවා තමන්ට පාඩු වූ රුපියල් 1,400 ක මුදල යළි රජයෙන් ලබාගෙන රුපියල් කෝටි ගණනක් රජයට වංචා කර ඇති බවත් වාර්තා වනවා.

කැළණි ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ හා වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6708e6603d221pdf_page_0

Sports Journalist and president of Professional Sport Journalists Association of Sri Lanka Karuppiah Ramakrishnan has officially signed his nomination papers to contest the upcoming General Elections from the Nuwara Eliya District.

Sports Journalist and president of Professional Sport Journalists Association of Sri Lanka Karuppiah Ramakrishnan has officially signed his nomination papers to contest the upcoming General Elections from the Nuwara Eliya District.

He will contest under the Sri Lanka Podujana Peramuna. He was worked Sunday Observer, Capital Maharaja, Ceylon Today and Carlton Sports Network Respectively.

Sports journalist and Lion Nation Sports Network Founder and Managing Director Karuppiah Ramakrishnan, who has extensively worked to promote Sri Lankan sport locally and internationally and had mapped out the app’s launch and website’s relaunch almost two years ago

Along with him former advisor to the state minister of Sports Ravindran Harin also contest with another tamil condinates in the SLPP.

නුවර එළිය තැපැල් කාර්යාලය දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිඳු කටයුත්තකට ලබා දෙන්නේ නැහැ – විජිත හේරත්

නුවර එළිය තැපැල් කාර්යාලය හා ඒ භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිඳු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව එම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුව යටතේම භාවිතා කරන බවත් මීට පෙර රජය විසින් ගෙන තිබූ තීරණය අත්හිටුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

උන් ඔක්කොම හොරු මල්ලි කියලා මම කොහොමද උන් එක්ක ඉන්නේ මල්ලි – රන්ජන්

තමන්ට මහ මැතිවරණයට තරග කරන ලෙස විවිධ දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

නමුත් එම පක්ෂවල පැටිකිරිය හා එහි අපේක්ෂකයින් දෙස බැලූ විට තමන්ට සිතුනේ ‘උන් ඔක්කොම හොරු මල්ලි කියලා, උන් එක්ක වාඩි වෙලා ඉන්නේ කොහොමද’ බව යැයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

එයට ඇති හොඳම විසඳුම ලෙස නවතම නැවුම් පක්ෂයකින් දේශපාලනයට පැමිණීම බවත් ඒ අනුව තමන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පොහොට්ටුව නාම යෝජනා සඳහා අත්සන් තැබීම ආරම්භ කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම අද (09) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඔවුන් නාමයෝජනා සඳහා අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල 297.62 දක්වා පහලට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) දිනයේ රුපියලට සාපේක්‍ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළගොස් තිබෙනවා.

ඒ අනුව අද දින අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.58 ක් හා විකුණුම් මිල 297.62 ක් ලෙසයි දැක්වුණේ.