රන්ජන්ගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය එළිදක්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක අද (09) එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.

ඒ අනුව “මයික්‍රෆෝනය” ලකුණින් එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බවයි සඳහන් වෙන්නේ.

එහි ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක තිලකරන්න ඩිල්ෂාන් පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ධීවර සහනාධාරය ලබාදීමේ මුලික අදියර ආරම්භ කිරීමට පියවර

ධීවර අමාත්‍යංශය හරහා ධීවර සහනාධාරය ලබාදීමේ මූලික අදියර ආරම්භ කිරීමට උපරිම උත්සාහ කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඉන්ධන මිල වැඩිවීම නිසා ධීවර ජනතාව පසුගිය කාලයේ දී විශාල පීඩාවකට ලක්වුණු බවත්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කිරීම නිසා මේ වනවිට ධීවර ජනතාව විශාල සහනයක් ලබා තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතර වශයෙන් ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා ලියාපදිංචි ධීවරයින්ගේ නාමලේඛන සකස් කරමින් සාධාරණ ක්‍රමවේදයකට ලබා දීමට අවශ්‍ය මුලික වැඩපිළිවෙළ සුදානම් කරමින් තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය කොළඹින් මහ මැතිවරණයට

අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (08) දිනයේ ඊට අදාළ නාමයෝජනා පත්‍රය සඳහා ඇය අත්සන් තබා ඇති බවයි සඳහන් වෙන්නේ.

දමිතා රත්නපුරයෙන් මහ මැතිවරණයට

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින බවයි සඳහන් වෙන්නේ.

ඊට අදාළ ලිපි ලේඛන සඳහා ඊයේ (08) ඇය අත්සන් තබා තිබෙනවා.

කුමාර් සංගක්කාර නැවත ක්‍රිකට් පිටියට

International Masters League 2024 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.

මෙම තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 තරග කිරීමට නියමිතව තිබෙනවා.

රැඳවියන් පළායෑමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිව්දෙනෙකු පළායෑම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 01 වන දින ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිලධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල රැඳවියන් දස දෙනෙකු යොදා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක සඳහන් කළේ.

එම අවස්ථාවේදී රැඳවියන් සිව්දෙනෙකු බන්ධනගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති අතර, බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් හෝ විමසීමකින් තොරව පවිත්‍රතා කටයුතු සඳහා මෙම රැඳවූවන් පිටතට ගැනීමට ප්‍රධාන ජේලර්වරයා කටයුතු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මාතර බන්ධනාගාර සහකාර අධිකාරීවරයාගේ මූලික විමර්ෂණයේ නිර්දේශයට අනුව සිරකරුවන් පිටතට ගැනීමට අනුමැතිය දුන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා, පවිත්‍රතා කටයුතු සඳහා සිරකරුවන් යොමු කළ දෙවන පෙළ ජේලර්වරයා සහ පවිත්‍රතා කණ්ඩායම භාරව සිටි නියාමකවරයා මූලික විමර්ශනයට යටත්ව වැඩ තහනමකට ලක්කර තිබෙනවා.

Selfie With IMF ආර්ථික උපදේශකයෝ ඉන්නේ මේකටද ? අජිත් පී පෙරේරාගේ සැර ප්‍රහාරය….

https://www.youtube.com/embed/3Kk3ujPKIzo?si=NrBKhuqxxPl1raoH” title=

නෙළුම් කුළුනෙන් ඇද වැටුන දැරිය..හේතුව හොයන්න පොලිස් පරීක්ෂණ ඇරඹෙයි…..

https://www.youtube.com/embed/vTGe6J3QF6w?si=JKeoJD419ivyy9wm” title=