ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අද පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලාත්මක බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ ප්‍රදේශ පහතින්.

670bb452d6912

670bb45366151

කැලණි ගඟ අවට පහත් බිම් වෙත නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ

කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

670b9c2ad8be0pdf_page_0

අයහපත් කාලගුණයත් සමඟ හෙට බස්නාහිර ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට තීරණය කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හෙට බස්නාහිර පාසල් විවෘත කිරීමේ බලය අධ්‍යාපන බලධාරීන්ට පැවරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (14) පාසල් විවෘත කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට බල පවරා තිබෙනවා.

ඒ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා කර විදුහල්පතිවරුන්ට එම තීරණය ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබා දීමට තිබූ කාලය අදින් අවසන් වෙයි

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අද (13) අවසන්වී නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (13) පස්වරු 3.00 න් එම කාලය අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වනවා.

පසුගිය දා අවසන් වු ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ දක්වාත් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 18 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැකියි.

එසේම මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැකි අතර වයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වනවා.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා පැවතිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මහින්ද, රනිල්, මෛත්‍රී ඇතුළු රැසක් මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි

හිටපු ජනාධිපතිවරුන්, හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් සැලකියයුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දශක ගණනාවක් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම ශෙහාන් සේමසිංහ, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක ඇතුළු දේශපාලනඥයින් ද මෙවර ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

එස්.බී. දිසානායක, විමලවීර දිසානායක, ශාන් විජයලාල් ද සිල්වා, සහන් ප්‍රදීප්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, සී.වී. විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මේජර් ප්‍රදීප් උඳුගොඩ, ප්‍රියකංර ජයරත්න, නෂීර් අහමඩ්, සම්පත් අතුකෝරළ, ගෙවිඳු කුමාරතුංග සහ සුදත් මංජුල ද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තිරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 29 දෙනෙකුගෙන් සමන්විත එම ලැයිස්තුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද අතුළත් කර තිබෙනවා.

අදාළ ලැයිස්තුව පහතින්.

670909cb63113pdf_page_0

නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට

මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයින් 29 ක් ඇතුළත් කර තිබෙනවා.

මේ සඳහා එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ලෙස තරග වැදුණු නාමල් රාජපක්ෂද ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67090969e8e84

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයට අසාධාරණයක් වූ බව හැඟේ නම් අධිකරණයට යා හැකියි – මැතිවරණ කොමසාරිස්

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690 ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

නාමයෝජනා සම්බන්ධයෙන් යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

මනාප අංක ඉදිරියේදී ලබාදීමට නියමිත බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.