ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

අද (14) දිනයේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, එය ඉදිරි දින 2 තුළ හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්වීමට ඉඩ ඇති අතර බටහිර-වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කරන බවයි සඳහන් වෙන්නේ.

මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 60-70) සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

670cdbb563dd8

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේ නැහැ – විභාග කොමසාරිස්

2024 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

පිටවී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න තුන සඳහා සියළුම ශිෂ්‍යයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණයක් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.

2024 ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදුන් අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කරයි

2024 ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදුන් අපේක්ෂකයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයින් 35 දෙනෙකු විසින් සිය වියදම් වාර්තා භාරදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න, අරියනේත්‍රන් පාක්කිය සෙල්වම් විසින් නියමිත කාලය තුළ ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

VAT බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකු​ට මාස 6ක සිර ද‍ඬුවම් නියම කෙරේ

VAT බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබූ බවයි සඳහන් වෙන්නේ.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක VAT බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

මූල්‍ය වංචාවලට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 15 ක් අත්අඩංගුවට

මූල්‍ය වංචා සිදුවීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) දින සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට පෙර පසුගිය 12 වනදා දහවල් කාලයේ දී පල්ලෙකැලේ නත්තරන්පොත ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 126 ක්, වියට්නාම ජාතිකයින් 02 ක්, තායිලන්ත ජාතිකයෙකු හා පිලිපින් ජාතිකයෙකු ඇතුළු විදේශ ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊයේ දිනයේ අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිස නත්තරන්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස සමග සම්බන්ධතාවයක් පවතිද යන්න පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

SL vs WI 1st T20: කොදෙව් කණ්ඩායමට ලකුණු 180 ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක්, චරිත් අසලංක ලකුණු 59 ක් කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 17 ක් ලබාගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 180 ක්.

ලකුණු පුවරුව පහතින්.

670beaac83631

SL vs WI 1st T20: චරිත්ගෙන් අර්ධ ශතකයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව එම තරගයේදී චරිත් අසලංක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 08 ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටිනවා.

SL vs WI 1st T20: පන්දුවාර 15 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 132/3

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටිනවා.

පන්දුවට පහර දෙමින් සිටින චරිත් අසලංක ලකුණු 39 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා ගෙන සිටිනවා.

SL vs WI 1st T20: කමිඳුගෙන් අර්ධ ශතකයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව එම තරගයේදී කමිඳු මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 02 ක් හා හතරේ පහර 05 ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටිනවා

SL vs WI 1st T20: පන්දුවාර 10 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 83/3

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය අද (13) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටිනවා.

පන්දුවට පහර දෙමින් සිටින චරිත් අසලංක ලකුණු 03 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 40 ක් ලබා ගෙන සිටිනවා.