මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් අපේක්ෂකයෙකුට කළ හැකි වියදම් සීමා​ව නිවේදනය කෙරේ

පාර්ලිමේන්තු මැතිවණයේදී එක් අපේක්ෂකයෙකුට කළ හැකි වියදම් සීමාව ඇතුළත් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොට්ඨාස 22 සඳහා වෙන වෙනම අදාළ මුදල් සීමා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වාර්තාව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21 ක් ඇතුළත භාරදිය යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6710d840f3786pdf_page_0

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමු වී තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේදී අදාළ හමුව සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ කරුණු රැසක් පිළිබඳව එහි දී සාකච්ඡා වී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන්, ආරක්ෂක ලේකම්වරයා අමෙරිකාවට සිය කෘතඥතාව ද පළකර තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වෙනස් කෙරේ

මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටුව මඟින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනාව ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පසු­ගිය වකවානුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශව රැසක් යෝජනා කර තිබුණා.

One Direction තරුවක් වන Liam Payne මියයයි

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන One Direction හි හිටපු සාමාජිකයෙකු වන Liam Payne මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ආජන්ටිනාවේ පිහිටි හෝටලයක තෙවැනි තට්ටුවෙන් ඇද වැටී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට 31 වන වියේ පසු වූ Payne වඩාත් ප්‍රසිද්ධ වූයේ One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසයි.

Payne සමඟ Horan, Harry, Louis සහ Zayn ගෙන් සමන්විත වූ One Direction සංගීත කණ්ඩායම ලොව වඩාත් සාර්ථකම Boy Band එක ලෙස හැඳින්වෙන අතර What makes you beautiful, Night Changes සහ Steal My Girl වැනි ජනප්‍රිය ගීත සහිත ඔවුන්ගේ ඇල්බම ලොව පුරා පිටපත් මිලියන 70 කට අධික සංඛ්‍යාවක් විකිණී තිබුණා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි අවුරුදු 35ක පුද්ගලයෙක් වන අතර සිදුවීම පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඉතුරුවෙලා ඉන්න ටික ලබන මාසේ පල්ලම් බස්සන්න ගාල්ල ජනතාව ලැහැස්තියි කියන නලින් හේවගේ…..

https://www.youtube.com/embed/W-l1p4oHO6Y?si=dF3_CesHzfq66tdL” title=

කෙහෙලියගේ විශ්‍රාම කතාවට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව දුන්න උත්තරේ…

https://www.youtube.com/embed/55HJ6nFkCDs?si=RKehzI4fdiKRYsXz” title=

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 94 ක් මරුට

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 94 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම බවුසරය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ලිස්සා ගොස් කාණුවකට පෙරළී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් ඉවතට විසිරී තිබූ ඉන්ධන එකතුකර ගැනීම සඳහා විශාල පිරිසක් එක්වී ඇති අතර එහිදී එක්වරම එම බවුසරය පුපුරාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තැපැල් ඡන්ද පත්‍රිකා 23 වනදා තැපෑලට භාරදීමට පියවර

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම එළඹෙන 23 වනදා සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 04 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.

අනෙකුත් රාජ්‍ය ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 01 සහ 04 දිනවලදී සිදු කෙරෙන බවද සඳහන්.

අදාළ දිනයන්වල තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වන පිරිස් සඳහා නොවැම්බර් 07 සහ 08 දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.