බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගාවලිය අද (20) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,\
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගාවලිය අද (20) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,\
හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබෙනවා.
ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 42ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙක්, 40ක් පමණ වයසැති කාන්තාවක් සහ 15ක් පමණ වයස දියණියක් බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.
මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයක් බවයි සඳහන් වෙන්නේ.
පරීක්ෂණ වලින් අනතුරුව එම ගුවන් යානයේ බෝම්බ තර්ජනයක් නොමැති බව තහවුරු වූ බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කළේ.
කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළා.
කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වන අලි රංචුවක් ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අබලන් වූ අතර, එය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස අද සිට දුම්රිය ධාවනය ආරම්භ කර තිබෙනවා.
මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර, රොටවැව ප්‍රදේශයේදී ඊයේ (18) එම අනතුර සිදුවී තිබුණු අතර, එම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී, දුම්රියේ ඉන්ධන ටැංකි පෙරළී ගොස් තිබුණා.
එහිදී වන අලින් දෙදෙනෙකු ද මියගොස් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින්, ශරීරයේ තුවාල හෝ සීරීම් පවතී නම් වතුරට නොබසින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ පවසනවා.
මීයන්ගේ මුත්‍රා වතුරට එක්වී තිබීමෙන්, ශරීරයේ ඇති තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගතවිය හැකි බවත්, මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරිය අවධාරණය කර සිටින්නේ.
මී උණ රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව ආදිය ඇති වන බව පෙන්වාදුන් වෛද්‍යවරිය මෙම රෝග ලක්ෂණ පැවතියහොත් ඉතාම ඉක්මණින් රෝහල්ගත වීම ඉතා වැදගත් බවද පෙන්වා දුන්නා.
බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්යෙන් යුත් එක්දින සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 ක් ඇතුළත් වනවා.
එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය 20 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ ටිකට් පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කවුන්ටරයෙන් හෝ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පිහිටි ටිකට් පත් කවුන්ටරෙයෙන් මිලදී ගැනීමට හැකි අතර Online ටිකට් පත් ලබා ගැනීමට සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත්කර තිබෙනවා.
ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඩබ්. ප්‍රින්ස් සේනාධීර පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එම්. ඩී. මහින්දපාල, ඩබ්. ජී. ටිතිර වික්මල්, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්. එස්. කේ. ජේ. බණ්ඩාර, බී. එන්. දම්මින්ද කුමාර හා වයි. අයි. ඩී. ගුණවර්ධන පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස එස්.එම්. සමන් සමරකෝන් පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි, ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු, ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්, එම්. කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා, ජී. එච්. වයි. මංජුල සිරිසෝම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල් හා අයි. ජී. සුලක්ඛනා කුමාරි පත්කර තිබෙනවා.
මහ මැතිවරණය සම්බන්ධයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 33 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 290 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලැබුණු පැමිණිලි අතර 211 ක් විසඳීමට කටයුතු කර ඇති අතර තවත් පැමිණිලි 79 ක් විසඳීමට ක්‍රියාකරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පත්කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ද, 1997 දී අමෙරිකා එක්සත් ජනපදයේ Wayne සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
මහාචාර්ය සෙනෙවිරත්න, ආහාරයට ගත හැකි තෙල් වර්ගවල රසායනික සහ පෝෂණ ගුණ පිළිබඳ ඉහළ නමක් දිනා සිටින පර්යේෂකයෙකු ද වෙනවා.
ඔහු 2014- 2017 දක්වා කැලණිය විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති අතර කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කර තිබෙනවා.
කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ අද දිනයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම මාර්ගයට දැඩි හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.