ශ්‍රී ලංකන් ගුවන්සේවය විකිණීමට කටයුතු කරන්නේ නැහැ – නව සභාපති

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සඳහා පෙර තිබූ සැලසුම නව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ පවසනවා.

ඒ අනුව ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරන බවයි TTG Asia වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බවත් එම ගුවන් සේවය සියලු ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර විය හැකි ජාතික ආයතනයක් බවට පත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් තිබෙන්නේ.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබූ අතර ගුවන් සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණා.

අර්ජුන් ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැරහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුකරය මේ වනවිට අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති නිසා ඔවුන් ඇපමත මුදාහරින ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිට තිබෙනවා.

කෙසේවෙතත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සඳහන් කළේ, මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් බවයි.

ඒ අනුව විකල්ප දඬුවමක් වන හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

පාස්කු වාර්තා ජනාධිපතිවරයා ප්‍රසිද්ධ නොකළොත් මම සඳුදා ප්‍රසිද්ධියට පත් කරනවා – ගම්මන්පිල

දින තුනක් තුළ පාස්කු වාර්තාව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් සතුව ඇති වාර්තාවන් එළඹෙන සඳුදා දිනයේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලුම වාර්තාවල කිසිඳු අඩුවක් නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙසින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවට ප්‍රසිද්ධියට පත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තාව ආණ්ඩුවට බාර නොදෙන බවද ඔහු සඳහන් කළා.

තමන් ළඟ ඇත්තේ එම වාර්තාවල පිටපත් බවත් සත්‍ය වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අබේපුස්ස සහ මීරිගම අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සෙවණගලදී ආයුර්වේද ඖෂධාලයක් වැටලූ සුරාබදු නිලධාරීන් තිදෙනෙක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

2016 වසරේ සෙවණගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීතිවිරෝධී ලෙස වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින් එහි සේවකයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳ ගොනු කර තිබූ පෙත්සමක අවසන් තීන්දුව ප්‍රකාශට පත් කරමින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර ඇතැයි තීන්දුව ලබා දෙමින් විනිසුරු මඬුල්ල අවධාරණය කළ අතර එම නිලධාරීන් තුන්දෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින් සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරුට ලබා දිය යුතු බවට නියෝග කර තිබෙනවා.

එමෙන්ම අදාළ වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් 10,000/- බැගින් වූ වන්දි ගෙවිය යුතු බවටත් විනිසුරු මඬුල්ල තීන්දුව ලබා දෙමින් නියෝග කර තිබෙනවා.

“දින 7 ඇතුලත ප්‍රසිද්ධ කරන්න නැත්තන් අපි කරනවා” ජනපතිට අනතුරු ඇගවූ ගම්මන්පිල…..

https://www.youtube.com/embed/5lZUw-eu1pA?si=ZXs9FCSFKCo2Race” title=

බලංගොඩ සසල කරවමින් කෝටිපති ව්‍යාපාරිකයාට මරු කැදවූ මාමාන්ඩියගේ පොලු පහර……

https://www.youtube.com/embed/Xgn1a1NaHz8?si=k49DhgESX96NtIZ2″ title=

පරීක්ෂණ කඩිනම් කරන්නට වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් පාස්කු ප්‍රහාරය හා බැදුම්කර වංචාවත් ඒ අතර…….

https://www.youtube.com/embed/tWY6o70TWvI?si=2-CSDoOvMYJltRyL” title=