ධීවර සහ නාවිකයන්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රා වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

මධ්‍යම – නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇතිවී තිබීම මීට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම අඩු පීඩන කලාපය හෙට පීඩන අවපාතයක් දක්වාත් අනිද්දා සුළි කුණාටු තත්ත්වයක් දක්වාත් වර්ධනය වනු ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

6715e85e348d4pdf_page_1

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන්පථ වෙනස් කිරීමේ අංශයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මරදාන දෙසට ධාවනය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

LIVE: උදය ගම්මන්පිලගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තිබෙනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා පිළිබඳ කරුණු හෙළිදරව් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

සිවිල් පුද්ගලයින්ට දුන් ගිනි අවි 50 ක් යළි ආරක්ෂක අමාත්‍යංශයට භාරදෙයි

සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනි අවි 50 කට අධික සංඛ්‍යාවක් යළි ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබාදී ඇති සියලුම ගිනි අවි පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමෙන් පසු නැවත ලබාදීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගෙන තිබුණා.

ඒ අනුව අදාළ ගිනි අවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07 වන දිනට පෙර භාරදෙන ලෙසයි සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණේ.

ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර්යය කෙරේ

පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්යය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගත යුතු බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කළේ.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී.50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අත්අඩංගුවට ගන්නවාට බය නැහැ..අවධානම දන්නවා උදය ගම්මන්පිල උත්තර දෙයි……

https://www.youtube.com/embed/qG1gb5eiWJk?si=Q1eqwfAFArK6F7wD” title=

වැරදි ප්‍රචාරත් එක්ක ආපු ගමන නිසා වෙච්ච දේ ගැන කියන තිස්ස කුට්ටිආරච්චි…..

https://www.youtube.com/embed/4gCpXAEe6-E?si=qgOlqhS6e_qyWCfr” title=

හදන්න ඔනේ ශක්තිමත් විපක්ෂයක් නෙමෙයි ශක්තිමත් පාර්ලිමේන්තුවක් – නලින්ද ජයතිස්ස….

https://www.youtube.com/embed/0e22SvVgfa4?si=1qRGi2GT-k_MNjAy” title=