ශ්‍රී ලංකාව නියෝජනය කළ Yevan David ට යුරෝ ෆෝමියුලා මෝටර් රථ ධාවන ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර Yevan David ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8 වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8 වන අදියර ඉතාලියේ මොන්සා ධාවන පථයේ පසුගිය සෙනසුරාදා (19) පවත්වා තිබෙනවා.

Yevan David එම තරගයේදී නියෝජනය කළේ ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායම වන අතර, මොන්සා ධාවන පථයේ වට 16 ක් පැවති තරගය මිනිත්තු 30යි තත්පර 13කින් නිමකල ඔහු ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගයේ 8 වන අදියර ජයගත්තා.

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්නවලට ලකුණු ලබාදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අදාළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පොහොර සහනාධාරය ගොවීන්ගේ ගිණුම් වෙත බැර කෙරේ

දිස්ත්‍රික්ක 11 ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එක් ගොවියෙකු වෙනුවෙන් රුපියල් 15,000 ක මුදලක් බැර කර ඇති බවයි එහි ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ සඳහන් කළේ.

ඒ අනුව මිලියන 60 ක මුදලක් මේ වන විට බැර කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“ජනාධිපතිතුමා ඔබතුමා ලග ඉන්නේ මේවගේ අය තමයි පරිස්සම් වෙන්න” දුමින්ද නාගමුවගේ අනතුරු ඇගවීම…….

https://www.youtube.com/embed/MKbJ9Y_U6p0?si=dliybaWWDyILYjeh” title=

පුළුවන් නම් පුළුවන් කියන්න බැරි නම් බැහැ කියන්න” කවින්ද ජයවර්ධනගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්……

https://www.youtube.com/embed/N0OPMK-p9_Q?si=UfzkFU57pu3f9Mh3″ title=

පාස්කු ප්‍රහාරය ගැන කොමා වෙලා ඉදලා නැගිටපු අයට ජනපති අනුරගෙන් උත්තරයක්…..

https://www.youtube.com/embed/kfGbH0m20gg?si=tAuruKdksmcnDC15″ title=

කුඩාවැල්ල ධීවර වරායේ ගින්නකින් ධීවර යාත්‍රා තුනකට හානි

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක අද (21) උදෑසන ඇති වූ ගින්නකින් ධීවර යාත්‍රා තුනකට හානි සිදුව තිබෙනවා.

“තුෂානි” නම් බහුදින ධීවර යාත්‍රාවේ ගින්නක් හටගෙන ඇති අතර, එම යාත්‍රාව ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ගිනි ගැනිම ගෑස් කාන්දුවක් විය හැකි බවට පොලිසිය සැක කරන අතර තංගල්ල මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.