ජොන්ස්ටන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කරයි

අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා  වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සඳහන් කළේ, නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බව නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත ජෝන්ස්ටන් ප්‍රනාන්දු  මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා, ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරින ලෙසත් නියෝග කර ඇති අතර, ඉන් අනතුරුව නඩුවේ විභාගය ජනවාරි මස 27 වනදා දක්වා කල් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බදුල්ලේදී සරසවි සිසුන් රැගත් බස් රථයක් පෙරළී සිසුවියන් දෙදෙනෙක් මරු​ට

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් අනතුරක් සිදුව තිබෙනවා.

බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර පිහිටි වේල්ලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් සිසුවියන් 02 ක් මියගොස් ඇති අතර, තවත් සිසුන් 35 ක පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (01) දෙවන දිනටත් සිදුවනවා.

පසුගිය මස 30 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කර තිබුණා.

ඒ අනුව අද දිනයේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

නොවැම්බර් 4 සිට 9 දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

කලින් සරම්ප එන්නත ලබානොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12 ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සඳහන් කළේ.

වයස මාස 9 දී බිලිඳුන්ට සරම්ප එන්නත ලබාදෙන අතර, ඊට පෙර කාලය තුළදී එම බිළිඳුන්ට සරම්ප රෝගය වැළඳීමේ දැඩි අවදානමක් පවතින බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වන නමුත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වන බවයි.

සෙව​ණගලින් බිලියනය​ක හෙරොයින් සොයාගනී

සෙවණගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40 ක් සොයාගෙන තිබෙනවා.

හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි වටිනාකම රුපියල් මිලියන 1000ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන්.

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නොමැති, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිදුවීමට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් චීනයෙන් රුපියල් මිලියන 400 ක හදිසි මානුෂීය ආධා​ර තොගයක්

චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400කට ආසන්න වටිනාකමකින් යුත් හදිසි මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් මිලියන 30 ක හදිසි ආධාරයට අමතරව මෙය ලබාදී ඇති බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ X පණිවිඩය පහතින්.

672339a204edd

ඇතැම් මාධ්‍ය නාලිකා අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට පටන්ගෙන තිබෙනවා – ජනපති

ඇතැම් මාධ්‍ය නාලිකා අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට පටන්ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව සමාජය තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීම සඳහා මාධ්‍ය නාලිකා මෙන්ම දේශපාලනයද කටයුතු කරමින් සිටින බවයි මාතර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඇතැම් මාධ්‍ය නාලිකා ආණ්ඩුව මුදල් අච්චු ගැසූ බවට මුලින් සඳහන් කර පසුව එය වෙනස් කළ බවත්, තවත් සමහර මාධ්‍ය නාලිකා ආරුගම්බේ සිද්ධියේ බුද්ධි තොරතුරු ලැබුණේ ඉන්දියාවෙන් බවත්, තොරතුරු ලබාදෙන අයට ලක්ෂ 50 බැගින් මුදල් ද ලබාදුන් බවට සඳහන් කළ බවත්, ඒවා සම්පූර්ණ අසත්‍ය බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුව මාස 03 ක් නොවන බවත්, රට ගොඩ නගා මිස ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නතර කළ නොහැකි බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පොදු ස්ථානයක පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමක් සිදු කළොත්, එය නවත්වන්න පොලිස් නිලධාරීන්ට බැහැ – වැඩබලන පොලිස්පති

පොදු ස්ථානයක දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිස් නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එවැනි වීඩියෝගත කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවයි අදාළ දැනුම්දීමේ සඳහන් වන්නේ.

දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති මෙහි සඳහන් වෙන්නේ, සංස්කරණය නොකළ වීඩියෝ හඬපට අධිකරණයකදී සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින්, පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවයි.

එබැවින් පොදු ස්ථානවල සිදුවන පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට බාධා නොකළ යුතුවා සේම, පොලිස් දෙපාර්තමේන්තුවට සහ පොලිස් සේවයට කැළලක් වන ආකාරයට සංස්කරණය කළ වීඩියෝ පට සමාජගත කළහොත්, ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

67231002395be

දියර පොහොර ගේනකොටත් වංචාවක් වෙලාද ? ඇත්ත ජනතාව දැන ගන්න ඔනේ කමන්ත තුෂාර අල්ලස් කොමිසමට යයි……

https://www.youtube.com/embed/0DNLR1JR_Bo?si=hwNH0VT7YHf872Sz” title=