පොල් නැග්ගා නහුතෙට තව දීපන් අනුරට” ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කවියෙන්ම දුන්න උත්තරේ….

https://www.youtube.com/embed/xMRSFGoVEBA?si=FPwAUIkYJlwEbEVt” title=

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 95 – රු. 06 කින් (නව මිල රු.371)

* සුපර් ඩීසල් – රු. 06 කින් ( මිල රු.313)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 92 – (මිල රු.311)

* ඔටෝ ඩීසල් –  (මිල රු.283)

* භූමිතෙල් (මිල රු.183)

672395b5745c6

Hong Kong Sixes : දෙවැනි තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 107 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර හය අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ද ඔවුන් ඕමානය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිලගෙන් මහජන පෙත්සමක්

චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් වහා ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (01) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගේ මූලිකත්වයෙන් අදාළ මහජන පෙත්සම අත්සන් කිරීම ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රාජගිරිය ඔබේසේකර පුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල ගින්නක්

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල ගරාජයක ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 05 ක් පමණ යොමු කර ඇති බවයි එසැණ වෙත අදහස් දක්වමින් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ දිවයිනට

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහ එක් එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණිමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව ටෙස්ට් තරග දෙක ක්‍රියාත්මක වන අතර, පළමු තරගය ජනවාරි මස 29 වැනිදා ගාල්ලේදී ආරම්භ කිරීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගය ද ගාල්ලේ පැවැත්වීමට නියමිත අතර එම තරගය ආරම්භ වන්නේ පෙබරවාරි මස 06 වැනිදා යි.

එසේම එක්දින තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරගය පෙබරවාරි මස 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.

67249bb0d3f56

ඌරු ගොවිපොළ ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශු වෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

මෙරට ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සූකර උණ රෝග තත්ත්වය පළමුවරට බස්නාහිර පළාතෙන් වාර්තා වු අතර, මේ වනවිට ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.කේ. සරත් සඳහන් කළා.

Hong Kong Sixes : පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් අද (01) ඔවුන් ඕමානය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕමානය කඩුලු දෙකක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 4.1 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 82 ක් ලබා තරගය ජය ගැනීමට සමත් වුණා.

අද පස්වරුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ද තරග වැදීමට නියමිතව තිබෙනවා.