මම ඔවට උත්තර දෙන්නේ නැහැ ආණ්ඩුවෙන් අහන්න..හර්ෂ උත්තර නොදීපු ප්‍රශ්නය මොකක්ද ?

https://www.youtube.com/embed/NOktay1NLJQ?si=dCO86hy8i4f1em_a” title=

ගම්මන්පිල ඉදිරිපත් කරපු දෙවනි වාර්ථාවවත් ඔබතුමා පිලිගන්නවාද ? ඇමති විජිතට ආපු ප්‍රශ්නය….

https://www.youtube.com/embed/xdD9MTi4me0?si=7wKLH9RJLAmrEUay” title=

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පළමු දිනය සඳහා අවසන් වෙයි

මහ මැතිවරණය සඳහා වන තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පළමු දිනය සඳහා අද (30) අවසන් වුණා.

ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

විවිධ ප්‍රදේශවල තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සිදුවූ ආකාරය පහතින්.

67221408b2a91 67221408bb18a 672214070047a 67221406b83bb

දිස්ත්‍රික්ක 11ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලය

දිස්ත්‍රික්ක 11ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසනවා.

ඒ අනුව එම නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

සෙසු දිස්ත්‍රික්කවලද නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට සිදුවන බවයි රජයේ මුදුණාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනයට බාධාවක් නැහැ – ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් ඇති නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ටිකට්පත් නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් පමණක් ඉවත් වී ඇති බවයි එසැණ වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව මගීන්ට ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රිය තුළ යාමට හැකි අතර ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීමක් සිදුනොවන බවද ඔහු සඳහන් කළා.

සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුනහොත් අදියර කිහිපයකින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

ඒ අනුව එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අඛණ්ඩව සිදුවන දුම්රිය පිලී පැනීම්, දුම්රිය අවලංගුවීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය අපොහොසත්වීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 ආරම්භ වෙයි

2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව 2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.