සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.
එහිදි සිය සිව්වන එක්දින ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර පන්දු 102 කින් වාර්තා කළ ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.
එහිදි සිය සිව්වන එක්දින ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර පන්දු 102 කින් වාර්තා කළ ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව ඒම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර පන්දු 60 කින් වාර්තා කළ ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 3 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් වුණා.
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව ඒම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර පන්දු 64 කින් වාර්තා කළ ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) පැවැත්වෙනවා.
තරගයේ පළමු පන්දුව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය මඳකට නතර කර තිබුණු අතර, මේ වන විට යළි තරගය ආරම්භ වී තිබෙනවා.
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Elon Musk ට නව තනතුරක් ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා “Department of Government Efficiency” යනුවෙන් දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානියා ලෙස Elon Musk ව පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහුට අමතරව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයෙකු වූ Vivek Ramaswamy ද මේ සඳහා පත්කර තිබෙනවා.
ඒ අනුව මහා පරිමාණ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙහෙයවන්නේ කෙසේද යන්න පිළිබඳව ධවල මන්දිරයට බාහිර උපදෙස් ලබාදීම මෙහි අරමුණ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද (13) උදෑසන ආරම්භවී තිබෙනවා.
ඒ අනුව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයයේ සිට ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය මේ වන විට ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ වන විට අදාළ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ගිණිගේ ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ.
පසුගිය කාල සීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව මීට අදාළ පැමිණිළි 3,040 ක් ලැබී ඇති බවත්, එයින් විසඳුම් ලබාදීමට හැකි 1,124 ක් තිබෙන බවයි එහි සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කළේ.
ඊට අමතරව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය හරහා ලබාගත් තොරතුරු මත විශේෂ වංචා දූෂණ සිදුවූයේද යන්න සැක සහිත විශේෂ පරීක්ෂණ 15ක් තෝරාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
එයින් 3 ක අභ්‍යන්තර විගණනය විධිමත්ව සිදු කෙරෙමින් පවතින බවත්, තවත් කිහිපයක් සඳහා තොරතුරු ලබාගනිමින් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
පුස්සැල්ලාව – මෙල්ෆට්වත්ත ප්‍රදේශයේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ලවූ ඹබර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ (12) සවස මෙම බඹර ප්‍රහාරය සිදුව ඇති අතර පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
බරපතළ තත්ත්වයේ සිටින එක් පුද්ගලයෙකු ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, අනෙක් පුද්ගලයන් 04 දෙනා ප්‍රතිකාර ලබා නිවසට පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මහ මැතිවරණය හා පොහොය දිනය යෙදීම නිමිත්තෙන් මෙම තිරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද (13) උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මධ්‍යස්ථාන 49 කදී එම කටයුතු සිදුවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.
මධ්‍යස්ථාන 13314 ක් සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය සිදුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.