තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්භ කර තිබෙනවා.

මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් කෙරේ

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද සවස 4 ට අවසන් වුණා.

ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

කොළඹ දිස්ත්‍රික්කය – 65%

නුවරඑළිය දිස්ත්‍රික්කය – 68%

කුරුණෑගල දිස්ත්‍රික්කය – 64%

මඩකලපුව දිස්ත්‍රික්කය – 61%

මාතර දිස්ත්‍රික්කය – 64%

පුත්තලම දිස්ත්‍රික්කය – 56%

අනුරාධපුර දිස්ත්‍රික්කය – 65%

බදුල්ල දිස්ත්‍රික්කය – 66%

මන්නාරම දිස්ත්‍රික්කය – 70%

ක්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 67%

රත්නපුර දිස්ත්‍රික්කය – 65%

ගාල්ල දිස්ත්‍රික්කය – 64%

මුලතිව් දිස්ත්‍රික්කය – 63%

දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 2.00 වන විට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරයි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද දහවල් 2.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශතයන්වල යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.

ගම්පහ දිස්ත්‍රික්කය – 52%

කළුතර දිස්ත්‍රික්කය – 45%

යාපනය දිස්ත්‍රික්කය – 42%

කිලිනොච්චි දිස්ත්‍රික්කය – 46%

මන්නාරම දිස්ත්‍රික්කය – 55%

මඩකලපුව දිස්ත්‍රික්කය – 47%

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 51%

මොනරාගල දිස්ත්‍රික්කය – 47%

දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 12.00 වන විට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරයි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශතයන්වල යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

ගම්පහ දිස්ත්‍රික්කය – 40%

නුවරඑළිය දිස්ත්‍රික්කය – 40%

මහනුවර දිස්ත්‍රික්කය – 30%

මාතර දිස්ත්‍රික්කය – 34%

කෑගල්ල දිස්ත්‍රික්කය – 32%

මඩකලපුව දිස්ත්‍රික්කය – 32%

පුත්තලම දිස්ත්‍රික්කය – 30%

බදුල්ල දිස්ත්‍රික්කය – 41%

රත්නපුර දිස්ත්‍රික්කය – 35%

අම්පාර දිස්ත්‍රික්කය – 37%

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 45%

කුරුණෑගල දිස්ත්‍රික්කය – 28%

අනුරාධපුර දිස්ත්‍රික්කය – 40%

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන මහ මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කරන්න – පැෆරල්

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන මහ මැතිවරණය සඳහා සිය ඡන්දය භාවිතා කරන ලෙස සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඉතිහාසය සමඟ සැසඳීමේදී මෙවර මහ මැතිවරණය ඉතාමත් සාමකාමී මැතිවරණයක් බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ආයතනවල සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10.00 වන විට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරයි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශයන්වල යාවත්කාලීන කිරීම් බපාපොරොත්තු වන්න.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

මහනුවර දිස්ත්‍රික්කය – 22%

නුවර එළිය දිස්ත්‍රික්කය – 20%

බදුල්ල දිස්ත්‍රික්කය – 23%

රත්නපුර දිස්ත්‍රික්කය – 25%

කෑගල්ල දිස්ත්‍රික්කය – 20%

මඩකලපුව දිස්ත්‍රික්කය – 9%

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 18%

පොළොන්නරුව දිස්ත්‍රික්කය – 23%

මොනරාගල දිස්ත්‍රික්කය – 14%

මාතර දිස්ත්‍රික්කය – 10%

පුත්තලම දිස්ත්‍රික්කය – 22%

මන්නාරම දිස්ත්‍රික්කය – 28%

ගම්පහ දිස්ත්‍රික්කය – 20%

කළුතර දිස්ත්‍රික්කය – 20%

යාපනය දිස්ත්‍රික්කය – 16%

කිලිනොච්චි දිස්ත්‍රික්කය – 25%

මුලතිව් දිස්ක්‍රික්කය – 23%

කුරුණෑගල දිස්ත්‍රික්කය – 22%

අනුරාධපුර දිස්ත්‍රික්කය – 25%

මාතලේ දිස්ත්‍රික්කය – 24%

සවස දෙකෙන් පසුව ප්‍රදේශ රැසකට මහ වැසි ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද (14) දිනයේ දහවල් 2.00 පමණ පසු සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල 100mm ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් අනෙකුත් පළාත්වලත් 75mm ක පමණ වර්ෂාපනයක් ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට බස් හා දුම්රිය අද සාමාන්‍ය පරිදි ධාවනය වෙයි

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යන ජනතාව වෙනුවෙන් අදත් සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි එහි සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ.

පෞද්ගලික බස් රථ ධාවනය තරමක් සීමා වන බවත් බස් රථ 3000 ක් පමණ අද පෙරවරුවේ ධාවනය වන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

මේ අතර, සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලා.

ඡන්දය නිවැරදිව භාවිතා කරන ආකාරය ගැන දැනුම්දීමක්

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (14) උදෑසන 7.00 ට ආරම්භවීමට නියමිතයි.

ඡන්දය භාවිතා කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණද ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය / පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත මේ සඳහා භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

ඡන්ද පොළට ගිය පසු ඔබට ලැබෙන ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාවේ ඇති පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියෙන් කතිරය (X) සලකුණු කිරීම හරහා එම පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ඔබගේ ඡන්දය සලකුණු කළ හැකි වනවා.

ඉන් අනතුරුව ඔබ ඉහත සලකුණු කළ පක්ෂයේ අපේක්ෂකයින්ට මනාප පළ කරන්නේ නම් එම අපේක්ෂකයාගේ අංකය මත කතිරය සලකුණු කිරීමෙන් ඔබගේ ඡන්දය ලබාදිය හැකි අතර උපරිම වශයෙන් තිදෙනෙකුට මනාප සලකුණු කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

SL vs NZ 1st ODI: අවිශ්කගෙන් ශතකයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

එහිදී සිය සිව්වන ශතකය වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර පන්දු 114 කින් වාර්තා කළ ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 9 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් වුණා.