යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

මෙවර මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාළ මනාප ප්‍රතිඵලය පහතින්.

ජාතික ජන බලවේගය

* කරුණානාදන් ඉලංගුමරන් – 321,024

* සන්මුගනාදන් ශ්‍රීබවානන්ද‍රාජා – 20,430

* ජෙයචන්ද්‍රමූර්ති රජීවන් – 17,579

ඉලංගෙයි තමිල් අරසු කච්චි

* සිවඥානම් ශ්‍රීධරන් -32,833

අඛිල ඉලංගෙයි තමිල් කොංග්‍රස්

* ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් – 15,135

ස්වාධීන කණ්ඩායම අංක 17

* රාමනාදන් අර්චුනා – 20,487

මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

මෙවර මහ මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාළ මනාප ප්‍රතිඵලය පහතින්.

ජාතික ජන බලවේගය

* ජී. දිසානායක – 100,618

* එස්. ජේ. බියන්විල – 56,932

* දීප්ති වාසලගේ – 47,482

* එච්. ඩී. එච් පෙරේරා – 43, 455

සමගි ජන බලවේගය

* රෝහිණි කවිරත්න – 27,845

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

මෙවර මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාළ මනාප ප්‍රතිඵලය පහතින්.

ජාතික ජන බලවේගය

* අරුන් හේමචන්ද්‍ර – 38,368

* රොෂාන් ප්‍රියසන්ජන – 25,814

සමගි ජන බලවේගය

* ඉම්රාන් මහරුෆ් – 22,779

ඉලංගෙයි තමිල් අරසු කච්චි

* කදිරවේලු ෂන්මුගම් කුහදාසන් – 18470

මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

මෙවර මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාළ මනාප ප්‍රතිඵල පහතින්.

ජාතික ජන බලවේගය

* සුනිල් හඳුන්නෙත්ති – 249,251

* සරෝජා පෝල්රාජ් – 148,379

* එල්.එම්. අබේවික්‍රම -68,144

* අක්‍රම් ඉල්යාස් – 53,835

* ජී. අජන්ත – 48,820

* ලාල් ප්‍රේමනාත් – 48,797

සමගි ජන බලවේගය

* චතුර ගලප්පත්ති – 32,196

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක​ට පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි

මෙවර මහ මැතිවරණයෙන් කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසකට පාර්ලිමේන්තු වරම් අහිමිවී තිබෙනවා.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, එස්.එම්. චන්ද්‍රසේන, කංචන විජේසේකර, උදය ගම්මන්පිල, රංජන් රාමනායක, ප්‍රසන්න රණවීර, දිලුම් අමුණුගම, රොෂාන් රණසිංහ යන හිටපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු වරම් අහිමිවී තිබෙනවා.

එසේම සංජීව එදිරිමාන්න, දුමින්ද දිසානායක, එස්.සී මුතුකුමාරණ, රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, නිපුන රණවක, ශෂින්ද්‍ර රාජපක්ෂ, ප්‍රමිත බණ්ඩාර, රෝහණ බණ්ඩාර, සාරථී දුෂ්මන්ත, අසංක නවරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, ඩී.බී හේරත්, පවිත්‍රා වන්නිආරච්චිට ද පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු තවත් බොහෝ පිරිසකට මෙලෙස පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි – ජනපති

මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව “පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි” බවයි X පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක එහි සඳහන් කර තිබෙන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

6736f44615997

මාතලේදී බස් රථයක් සහ වෑන් රථ​යක් ගැටී තිදෙනෙක් මියගොස් 39 ක් තුවාල ලබයි

දඹුල්ල – මහියංගනය මාර්ගයේ මාතලේ, එලවනකන්ද ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 39 ක් තුවාල ලබා ඇති අතර එම පිරිස මේ වන විට රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ඡන්ද පෙට්ටි ළඟා වූ පසු ප.ව. 7.15න් පසුව ප්‍රධාන ගණන්කිරීමේ මධ්‍යස්ථානවල සාමාන්‍ය ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තේරිම් භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද විගස මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කර මාධ්‍යයට නිකුත් කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක සඳහන් කළේ.

විශේෂයෙන් මෙම ප්‍රතිඵල අවස්ථා තුනකදී ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇති බවත් පළමුව ප්‍රදේශ ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.

ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත්කරන අතර, ඒ සමග එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා මන්ත්‍රිධුර සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු සඳහන් කළා.

ආසන මට්ටමින් ප්‍රතිඵල නිකුත් කිරීමත් සමගම සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම මනාප ගණන් කිරීම ආරම්භ කරන අතර මනාප ගණන් කරනු ලබන්නේ ආසන ලබාගත් නැතහොත් මත්ත්‍රීවරු තේරීපත්වීමට සුදුසුකම් ලබන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

මැතිවරණ නීතී කඩ කරන අපේක්ෂකයන්ට වෙන්නේ මොකක්ද ? ෆැප්රල් සංවිධානයෙන් ඇහුන කතාව…….

https://www.youtube.com/embed/2WdWF5pmAF8?si=RYllG02ScG22V47F” title=

හිතුණොත් ඊළඟ සැරේ තරග කරනවා – මෛත්‍රී

සර්ව ජන බලවේගයට නව දේශපාලන පක්ෂයක් ලෙස රට තුළ විශාල බලයක් ලැබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අලුත් ආණ්ඩුව ගෙන එන හොඳ දේවල් සඳහා විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවයි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

තමන් දේශපාලනය තවමත් සිදුකරන බවත් තමන්ට සිතුනහොත් ඊළඟවර ජනාධිපතිවරණයට තරග කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.