https://www.youtube.com/embed/iY64ZHZkLcU?si=D2GtIWs6fxgBbAu2″ title=
Author: Supun
හර්ෂගේ කොත වගේ බෙදාගන්නා කතාවට ඇමති බිමල්ගෙන් සැර උත්තරයක්……
https://www.youtube.com/embed/nghDefxFv5A?si=BNA6a_VaPI-vhYCr” title=
කොරියානු රැකියා අපේක්ෂා කරන පිරිසක් හා පොලීසිය අතර විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරියේ …….
https://www.youtube.com/embed/jk1P5AjVw4E?si=GuNmIWwQew9hzSiw” title=
WTC ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව යළි පෙරමුණට
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය යළි හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (25) සමත් වුණා.
ඒ අනුව අද ලැබූ ජයත් සමඟ ඉන්දියාව 61.11% ක ලකුණු ප්‍රතිශතයක් වාර්තා කරමින් පෙරමුණ ගෙන ඇති අතර ඔස්ට්‍රේලියාව 57.69% ක ලකුණු ප්‍රතිශතයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ශ්‍රී ලංකාව 55.56% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින් තවදුරටත් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.
අදාළ ප්‍රසාද ලකුණු සටහන පහතින්.

IND vs AUS Test : පළමු තරගයෙන් ඉන්දියාවට ලකුණු 295 ක ජයක්
Border–Gavaskar කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 295 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (25) සමත් වුණා.
තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 150 ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලබා ගත්තේ ලකුණු 104 ක් පමණයි.
අනතුරුව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 487 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබුණා.
එහිදී යශස්වි ජයිස්වාල් ලකුණු 161 ක් හා විරාත් කෝලි නොදැවී ලකුණු 100 ක් ලබා ගනිමින් ඉන්දීය දෙවැනි ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.
ඒ අනුව දෙවැනි ඉනිමේ දී ලකුණු 534 ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 238 ක් පමණයි.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 6 වැනිදා ඇඩිලේඩ්හිදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.
ඉන්දීය අගමැති හා මා ඇති කරගත් එකඟතා, වත්මන් රජයද ඉදිරියට ගෙන යා යුතුයි – රනිල්
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා තමන් ඇති කරගත් එකඟතා වත්මන් රජය ද ඉදිරියට ගෙන යා යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව දෙරට අතර සහයෝගීතාව ඇති කරගන්නා කලාප සම්බන්ධයෙන් එකඟතාවයට තමන් පැමිණ තිබූ බවයි ඉන්දියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
එම එකඟතා ඉදිරියට පත්වාගෙන ගොස් ඒවා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.
E8 වීසා ක්‍රමය හිටපු අමාත්‍යවරයෙක් විසින් නිසි අනුමැතියකින් තොරව අත්සන් කරන ලද ගිවිසුමක් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය
E8 වීසා ක්‍රමය හිටපු අමාත්‍යවරයෙක් විසින් නිසි අනුමැතියකින් තොරව අත්සන් කරන ලද ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව ගිවිසුම අත්සන් කළ පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අනුමැතිය ලබාගත යුතුව තිබූ බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
එවැනි කිසිවක් සිදු කිරීමකින් තොරව බාහිර කණ්ඩායම් යොදා පුහුණු කර යැවීමට පටන්ගෙන තිබූ බවත්, මෙය නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී මෝටර් රථය බැඳුම්කරයක් මත මුදාහරින ලෙස නියෝග
දැනට අධිකරණය භාරයේ පවතින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහගේ සුඛෝපභෝගී මෝටර් රථය මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව රුපියල් මිලියන 100 ක බැඳුම්කරයක් මත අදාළ වාහනය මුදා හරින ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.
නීති විරෝධීව එකලස් කළ V8 රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
විභාගය ලියන දරුවන්ට බාධා වන ආකාරයෙන් කටයුතු කරන්න එපා – විභාග කොමසාරිස්
උසස් පෙළ පැවැත්වෙන දිනයන්වල දී සිසුන්ට බාධා ඇති වෙන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙස විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත්, මෙය නියමයකට වඩා හැඟීමකින් යුතුව ජනතාව සිදුකළ යුතුව ඇති බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185 ක් පෙනී සිටින බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙම වසර තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ නැහැ – මහජන උපයෝගීතා කොමිසම
මෙම වසර තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කිරීම ප්‍රමාදවීම මෙම තත්ත්වයට හේතුව බවයි එම ආයතනික සන්නිවේදන අංශය සඳහන් කළේ.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා පසුගිය සැප්තැම්බර් අවසානයේදී මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබූ අතර පසුව එම කොමිසම දැනුම් දී තිබුණේ එම ගාස්තු අඩුවීම් ප්‍රමාණවත් නොවන හෙයින් යළි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසයි.
අදාළ යෝජනා නොවැම්බර් 08 වනදාට පෙර භාරදෙන ලෙස දැනුම්දී තිබුණද යළි නොවැම්බර් 22 දක්වා කල් ඉල්ලා සිටියත්, ඔවුන් තවත් සති දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
නව යෝජනාව ඉදිරිපත් කළ ද එය අධ්‍යනය කිරීම සඳහා සති 06 ත් 08 ත් අතර කාලයක් ගතවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
