රටටම සම්පතක් වන සුදු හඳුන් වගාව

රටටම සම්පතක් වන සුදු හඳුන් වගාව

සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සොරනාතොට ප්‍රාදේශීය සභාව අයත් ප්‍රදේශ තුල මධ්‍යම ප්‍රමාණයෙන් ස්වාභාවිකව මෙම සුදු හඳුන් වැවෙන අතර එම ප්‍රදේශවාසීන් සුළුතරයක් තමන්ට අයිති භූමි වල මෙම වගාව කරගෙන යයි. මෙම සුදු හඳුන් වගාව සඳහා කිසිදු පොහොරයදීමක් නොකරන අතර මෙම ප්‍රදේශය තුළ ඕනෑම තැනක වැඩෙන ආකාරය සියැසින් දැක බලා ගත හැක.

මෙම ගස් විශාල වූ විට එය පිරිසිදු කර කැබලි කොට අලවියද කරගෙන යන අතර එයට රජයෙන් බලපත්‍ර නිකුත් කර නොමැති බවයි ප්‍රදේශවාසීන් අපහට කියා සිටි.
මෙය අප රටට විදේශ විනිමය ගෙන එන හොඳ ආදායම් මාර්ගයක් වන අතර මෙම වගාව සහ ව්‍යාපාරය කරගෙන අයට රජයේ මැදිහත්වීමෙන් මෙම බලපත්‍ර නිකුත්කර ලබා දෙන්නේ නම් ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

කෙසේ නමුත් මෙම ප්‍රදේශය තුළ වැඩවසන පූජ්‍ය වීහේනේ මුනින්ද සිරි හිමි ස්වාමීන් වහන්සේ අපහට කියා සිටියේ මෙය මිත්‍යාවක් බවයි.

එගොඩවෙල, තැන්නේ පව්ව, කන්දෙ ගෙදර, පුන්සල කන්ද, කෝවිල, කිරි ඔරුව සහ පුන්සල ප්‍රදේශවල මෙය ස්වාභාවිකව වැඩේ.

මෙම වගාව සම්බන්ධව රජය මැදිහත්වීමක් කරන්නේ නම් හොඳ ආදායම් මාර්ගයක් බව උපදේශවාසීන්ද කියා සිටින අතර එය මැනවින් අපහට ද අවබෝධ විය.

මෙම ප්‍රදේශවල ජීවත් වන ජනයා ඉතා දුගී භාවයෙන් පෙළෙන ජන කොට්ඨාසයක් බවයි අපහට දැනගැනීමට ලැබුනේ. ඔවුන් මෙයට අමතරව බඩ ඉරිඟු, ගම්මිරිස්, හේන් හා වී ගොවිතැන ජීවනෝපා නය ක්‍රමය වශයෙන් කරගෙන යයි.

මෙම වගාව මෙම ප්‍රදේශවලින් වඳ වී යන ආකාරයත් එම ජන කොට්ඨාස විසින් විනාශ කරන බවද අප හට දැන ගැනීමට ලැබුණි.

මෙය පන්සල් ආශ්‍රිතව බහුලව වැඩේ. එසේ වන්නේ එම ශාකය ආරක්ෂාවන බැවිනි.

කෙසේ වෙතත් මෙයට වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර

WhatsApp Image 2024-12-01 at 14.38.11 WhatsApp Image 2024-12-01 at 14.38.10 (4) WhatsApp Image 2024-12-01 at 14.38.10 (3) WhatsApp Image 2024-12-01 at 14.38.10 (2) WhatsApp Image 2024-12-01 at 14.38.10 (1) WhatsApp Image 2024-12-01 at 14.38.10 (2)

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 02 කින් (නව මිල රු.309)

වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* ඔටෝ ඩීසල් – රු. 03 කින් (නව මිල රු.286)

* භූමිතෙල් – රු. 05 කින් ( නව මිල රු.188)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 95 – ( මිල රු.371)

* සුපර් ඩීසල් – ( මිල රු.313)

674b187861b22

කොළඹ හා යාපනය ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය පහළට

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

යාපනය හා කොළඹ නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත්, නුවරඑළිය හා බදුල්ල යන නගරවල වායු ගුණාත්මක දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි එම සංවිධානය සඳහන් කළේ.

සාමාන්‍යයෙන් වායු දර්ශක අගය 50ට අඩුවෙන් පැවතිය යුතු නමුත්, යාපනය දිස්ත්‍රික්කයේ වායු ගුණ තත්ත්ව දර්ශක අගය 130ක් ලෙසින් ද, කොළඹ නගරයේ වායු ගුණ තත්ත්ව දර්ශක අගය 120ක් ලෙසින් ද සටහන් වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටියා.

මෙම තත්ත්වය හමුවේ ස්වසන අපහසුතා පවතී නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය අජිත් ගුණවර්ධන මහජනතාවට දැනුම් දෙනු ලබනවා.

ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ ජලයෙන් යටවෙයි

වර්ෂාධික කාලගුණික තත්ත්වය නිසා ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ ජලයෙන් යටවී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

අදාළ ගොවිබිම්වලින් ජලය බැස යාමෙන් පසු, ඊට අදාළ වගා හානිය තක්සේරු කරන බවයි එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි පවසා සිටියේ

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විනාශ වූ භෝග වගාවලට වන්දි ලබාදෙනවා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව අක්කරයක් සඳහා රුපියල් 40,000ක උපරීමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බවත්, රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් අනතුරුව, වගා හානි පිළිබඳව දත්ත රැස්කර, එම වන්දි ගෙවීම් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ආදායම් බදු වාර්තා සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බවට සඳහන් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම බදු වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවත්, ඒ සඳහා තාක්ෂණික සහාය ලබාදීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම, ප්‍රාදේශීය හා නගර කාර්යාල ද සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද දින විවෘතව පවතින බවයි සඳහන් වන්නේ‍.

තවද, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාව ද විවෘතව තබන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙනු ලබනවා.

255 මාර්ගයේ බස් මගියෙකුට පහරදීමේ සිද්ධිය ගැන ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පසුගිය 24 වැනිදා කොට්ටාව – ගල්කිස්ස 255 බස් මාර්ගයේ බස් රථයක ගමන් කළ තරුණයෙකුට බස් කොන්දොස්තර සහ රියදුරු ඇතුළු පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් මගින් කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව, සිද්ධියට අදාළව සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙකු නොවැම්බර් 24 සිට 29 දින දක්වාම රිමාන්ඩ් ගතකර සිටින බව මොරටුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසා ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර, ඉන්පසු අදාළ අධිකරණ නියෝග අනුව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ බස් රථය දිගු වේලාවක් නවතා‍ගෙන සිටීම, වලංගු ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම, මගීන් අපහසුතාවයට පත් කිරීම හා තර්ජනය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් රියදුරු හා කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීම නිසා ඔවුන් තමාට අමානුෂික ලෙස පහරදුන් බවට පහරකෑමට ලක්වූ තරුණයා ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඇමති මණ්ඩලයේ විශ්වාසය කෙහෙළිය විසින් කඩකර ඇති බවට නීතිපති අධිකරණයට කරුණු දක්වයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව නීතිපතිවරයා ඊයේ (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙනු ලැබුවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නීති කෘත්‍යය මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබුණු අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට කියා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් එවකට පැවති කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශ ඔස්සේ මේ බව තහවුරු වන බවයි.

එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් එවකට පැවති කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩන වාර්තාවක් රජයේ නියෝජ්‍ය ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොකර මෙම කැබිනට් පත්‍රිකාව කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන බවද, අදාළ හදිසි ඖෂධ මිලදී ගැනීමට අවසර නොදුනහොත්, සතියකින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූ බැවින්, ඊට අවසර දුන් බවද හිටපු ඇමතිවරුන් පවසා තිබෙනවා.

එසේම අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ කැබිනට් පත්‍රිකාවේ සඳහන් නොවු පසුබිමක, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කරන්නේ සත්‍ය කරුණු බව අමාත්‍ය මණ්ඩලය විශ්වාස කළ බවට හිටපු ඇමතිවරුන්ගේ ප්‍රකාශ කර ඇති බවයි සඳහන් ‍වන්නේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධ සැපයූ සැපයුම්කරු දෙසැම්බර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, නීතිකෘත්‍යය පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට නියෝග කරනු ලැබුවා.

අඩි 18 දක්වා ඇරුන කලා වැවේ වාන් දොරටු.- තත්පරයට ඝණ අඩි 16822ක ජලධාරිතාවයක් කලාඔයට මුදා හැරෙයි..

https://www.youtube.com/embed/mMn4QOOVgJQ?si=Wq_GexUDKphbsh9c” title=