අවුරුදු 14 ගිහිල්ලත් මනසට එන මරණ බිය නැති කරගන්න මට බැරිවුනා – මාධ්‍යවේදී පෝද්දල ජයන්ත…..

https://www.youtube.com/embed/OG2HaGieAiY?si=oNIpBoha1KnzWn4b” title=

“මැරණු අය සමරන්න අයිතියක් තියෙනවා” ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්තියට චමීර පෙරේරා කරන ආචාරය….

https://www.youtube.com/embed/Qx2MrQxvopw?si=mNvFVzyIEoJNlS_k” title=

ලොකු ළුෑණු හා අර්තාපල් බදු ගැන මුදල් අමාත්‍යාංශයෙන් තීරණයක්

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 60 ක් ලෙස එලෙසින්ම පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ලොකු ළුෑණු බද්ද රු. 30 සිට 10 දක්වා අඩු කිරීමටයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.

මෙය 2024 දෙසැම්බර් මස 01 වන දින සිට 2024 දෙසැම්බර් මස 31 දින දක්වා ක්‍රියාන්මකව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගංවතුර බැස යාමත් සමඟ ඩෙංගු ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දමන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 45,448ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 19,487 ක්.

ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 22 ක් මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජලයෙන් යටවූ වගාබිම් වල හානි තක්සේරු කිරීම හෙට ආරම්භ වෙයි

අධික වැසි හේතුවෙන්, වගාබිම් අක්කර 390,000 ක් පමණ ජලයෙන් යටවී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ජලයෙන් යටවූ වගාබිම් වල හානි තක්සේරු කිරීම හෙට (02) ආරම්භ කරන බවයි එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එම කටයුතු ආරම්භ කරන බවත් වැඩිම වගාබිම් ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත්තේ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල බවයි ඔහු සඳහන් කළේ.

සමස්තයක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවිබිම් රැසක් ජලයෙන් යටවී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අද ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක

අද (01) දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බව වාර්තා වනවා.

ඒ අනුව කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම තත්ත්වය පැවතිය හැකි බවයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමේ හැකියාව ඇති බවත් එලෙස තත්ත්වයක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

674bcce3bacd7pdf_page_0

LTTE මහවිරු දින උත්සව පැවැත්වෙන බවට අසත්‍ය සටහන් දැමූ තිදෙනෙක් අත්අඩංගුවට

LTTE මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී LTTE සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් සමාජ ජාලවල සංසරණය කිරීම යන චෝදනාවන් ඔවුන්ට එල්ලවී ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

IOC සහ SINOPEC සමාගම් ඉන්ධන මිල සංශෝධනය කරයි

ලංකා IOC සහ සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සමාන වන අයුරින් එම සමාගම් මිල අඩු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 02 කින් (නව මිල රු.309)

වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* ඔටෝ ඩීසල් – රු. 03 කින් (නව මිල රු.286)

* භූමිතෙල් – රු. 05 කින් ( නව මිල රු.188)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 95 – ( මිල රු.371)

* සුපර් ඩීසල් – ( මිල රු.313)