https://www.youtube.com/embed/Sf0aJDK0p2Y?si=-fEISTpBQdhWv8wV” title=
Author: Supun
“පරීක්ෂණයක් කරන්න පැමිනිල්ලක් තියෙන්න එපෑය” අර්චුනා රාමනාතන්ගේ සිදුවීම ගැන කතානායකවරයා කියපු කතාව.
https://www.youtube.com/embed/MTfNcthvLxs?si=SLdgZqsZkauUJeoL” title=
ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා එක්ව කළ මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500 ක් අත්අඩංගුවට
ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් පමණ ප්‍රවාහනය කරමින් තිබු මෙරට ධජය සහිත බෝට්ටු දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඊට අමතරව එහි සිටි පිරිසක් ද ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති ඇති බවයි සඳහන් වෙන්නේ.
ඉදිරි නීතිමය කටයුතු සදහා ඔවුන් මෙරට බලධාරීන් වෙත භාර දීමට නියමිත බවයි ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කළේ.
අධික වැස්සෙන් වැව් අමුණු 130කට හානි සිදුවෙයි
අධික වර්ෂාවත් සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වැව් අමුණු 130කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ පවසනවා.
ඒ අනුව වැව් අමුණු වැඩිම සංඛ්‍යාවක් හානි වී ඇත්තේ වව්නියාව දිස්ත්‍රික්කයේ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් කිරීමට නියෝග
සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.
2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු විභාගයක් සම්බන්ධයෙන් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.
2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබුණා.
පාළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ගැන තීරණයක් ගැනීමට ලබන සතියේ විශේෂ සාකච්ඡාවක්
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහභාගි වීමට නියමිත බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ.
එහිදී ගනු ලබන තීරණය මත පදනම්ව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ.
සහල් ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි
සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවන බව ලක් සතොස ආයතනය පවසනවා.
ඒ අනුව සහල් තොග ආනයනය සඳහා අද සිට දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකි බවයි එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා සඳහන් කළේ.
ඒ අනුව අදියර කිහිපයක් යටතේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබෙන අතර එම සහල් උත්සව සමයට පෙර වෙළෙඳ පොලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
අම්පාර ට්‍රැක්ටර් අනතුර සම්බන්ධයෙන් විදුහල්පති ඇතුළු 4 ක් අත්අඩංගුවට
අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමන්තුරෙයි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
ඉකුත් 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලායෑමට බස් රථයක් නොමැති හෙයින් එම ට්‍රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවට අනාවරණයවී තිබෙනවා.
එවන් පසුබිමක සිසුන් 11 දෙනෙකු සමග ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළීගොස් තිබූ අතර ඉන් ඒ මොහොතේ සිසුන් 5 දෙනෙකු දිවි බේරාගත් අතර තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වුණා.
මේ වනවිට සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
SL vs SA 1st TEST: දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191 කට සීමා වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් නායක Temba Bavuma ලකුණු 70 ක් හා Keshav Maharaj ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් ,විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ට්‍රැක්ටර් අනතුරෙන් ළමුන් දෙදෙනෙක් තවදුරටත් අතුරුදන්, රිය සහායක අත්අඩංගුවට
අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් අතුරුදන් වු පාසල් සිසුන් සිව්දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.
සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර මෙම ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වූ බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබෙනවා.
ඔහු ගංවතුර තත්ත්වය අතරතුර, ආරක්ෂක අංශ උපදෙස් නොතකමින්, මුදල් ලබාගෙන, අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
