https://www.youtube.com/embed/4ZJJW1ANRGQ?si=4Z_uQ8ritbyHTCqA” title=
Author: Supun
ඉදිරියේදී ජනතාවට අහන්න පුළුවන් සහන ලැබෙන කතා ගැන කියන ඇමති වසන්ත සමරසිංහ…..
https://www.youtube.com/embed/jBBm_4amjJc?si=4H8k4OYseJeCp-Qh” title=
මහවිරු සැමරුම් සම්බන්ධව සමාජ මාධ්‍ය වලට පැරනි ඡායාරූප, විඩියෝ දර්ශන සිදුවීමට සිව්දෙනෙක් අත්අඩංගුවට
https://www.youtube.com/embed/puxlAzpWIn0?si=ayTKwyDYkL6v05N0″ title=
ආප්ප බානවා වගේ, බිත්තර රොටි හදනවා වගේ ව්‍යවස්ථා සංශෝධන ගේන්න බැහැ – නලින් හේවගේ
තම ආණ්ඩුව මේ වනවිටත් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් කප්පාදු කරමින් සිටින බවත්, පෙරදී ඇමතිවරු විසින් කෝටි ප්‍රකෝටි ගණන්වල නිල නිවාස ලබාගත් නමුත් දැන් එසේ නොවන බවත්,මින් පෙර ජනාධිපති මන්දිර කිහිපයක් භාවිතා කළ නමුත් දැන් එලෙස භාවිතා නොකරන බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පවසනවා.
එසේම වාහන බොහෝ ප්‍රමාණයක් භාවිතා කළ බවද, තමන්ගේ ඥාතීන් තානාපති සේවාවන්ට යොදා ගත් නමුත් දැන් ඒ කිසිවක් සිදු නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
සමහර දේවල් සඳහා ඔවුන් ව්‍යවස්ථාවෙන්ම ඒ බලතල සාදා ගෙන ඇති බවත්, විශේෂයෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ දීමනා කප්පාදු කිරීමට නොහැකි බවත්, ඒවා ව්‍යවස්ථාවෙන් ඇති කරගත් දේවල් බවයි ඔහු සඳහන් කළේ.
තමන්ගේ ජාතික ලැයිස්තුව පවා පත් කර ගැනීමට බැරි තරමේ දුබලතාවයකින් පෙළෙන බෙළහීන විපක්ෂය විසින් ඉතා කුඩා කාරණා පවා කුමක් හෝ කියා සමාජගත කිරීමට සැරසෙන බව ද ඔහු කියා සිටියා.
ව්‍යවස්ථාවේ සංශෝධන ගැන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැවසුවේ ‘එක දවසකින් ආප්ප බානවා වගේ, එහෙම නැත්නම් බිත්තර රොටි හදනවා වගේ එහෙම මේවා හදන්න බැහැ’ යන්නයි.
එම නිසා ඒවාට සුළු කාලයක් ගත වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
රටේ නායකයා ධාර්මික නොවන නිසා මේ රටට දේව ශාපයක් උදා වෙලාද කියලා සැකයි – නලින් බණ්ඩාර
මේ ආණ්ඩුව පටන් ගත්තේම ජයමංගල ගාථා පවා අවලංගු කර, රටේ සම්ප්‍රදායන්ට පවා ගරු නොකර, විකෘති පාර්ලිමේන්තුවක් ලෙස බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
ආණ්ඩුව බහිරවයන් අල්ලන් ඉන්නා නිධන් හාරන බවත්, රජතුමා දැහැමින් සිටියහොත් කළට වේලාවට වැසි ලැබෙන බවට කථාවක් පවා ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
ජයමංගල ගාථා කියන්නේ ආශිර්වාද ලබා ගැනීමට බවත්, රටේ නායකයා ධාර්මික නොවන නිසා මේ රටට දේව ශාපයක් උදා වී ඇත්දැයි තමන්ට බරපතළ සැකයක් ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිද්ධියේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
අද (02) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුරදී සිදුවූ උණුසුම්කාරී සිදුවීම් නිසා අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
අදාළ විරෝධතාකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත්කළ බවයි වාර්තා වෙන්නේ.
පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන සංවර්ධන නිලධාරීන් අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් සිදුකළ අතර, එහිදී කලහකාරී ලෙස හැසිරුනු විරෝධතාකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ද තුවාල සිදුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
පහේ ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩලයේ තීරණය නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී කලින් පිට කළ බව කියන ප්‍රශ්න තුන සඳහා සියලු සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මෙම ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පැවැත්වීමෙන් සිසුන් පීඩාවට පත්විය හැකි බව අමාත්‍ය මණ්ඩලයේ අදහස වන බවත්, ඒ අනුව යළි විභාගය පැවැත්වීම නුසුදුසු බවට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) කැඳවා තිබුණු අතර, පෙත්සම් විභාගය ලබන 11 වනදා පැවැත්වීමට එහිදී තීරණය කෙරුණා.
වායු තත්ත්ව දර්ශකය ඉදිරි දින කිහිපය තුළ සාමාන්‍ය අගයට
මෙරට වායු තත්ත්ව දර්ශක අගයන් ඉදිරි දින කිහිපය ඇතුළත සාමාන්‍ය අගයට හැරෙනු ඇති බවට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (පරිසර අධ්‍යාපන), මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා.
වායු තත්ත්ව දර්ශකය ඉහළ යාම නිසා සෞඛ්‍යයට එල්ල වූ බලපෑම් ද ඉදිරි දින කිහිපය තුළ අඩු වී යනු ඇති බවයි ඔහු පවසන්නේ.
කෙසේ නමුත් මෙම තත්ත්වයට සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයන් ඇති කළ හැකි බැවින්, එවැනි පුද්ගලයින් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද අධ්‍යක්ෂවරයා මහජනතාවට දැනුම් දෙනවා.
වායු තත්ත්ව දර්ශකය 100 ට වැඩි වීම තරමක් අහිතකර බව ද, එම අගය 50 ට අඩුවීම හිතකර සහ මෙරට නිරන්තරයෙන් දක්නට ලැබෙන තත්ත්වයක් බව ද, 0-100 ත් අතර අගය මහජනතාවට ගැටලුකාරී නොවන තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
උත්සව සමයේ අඛණ්ඩව වැටලීම් සිදුකරනවා – පාරිභෝගික සේවා අධිකාරිය
එළඹෙන උත්සව සමයේ අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
කල් ඉකුත්වු හා තොරතුරු වෙනස් කළ භාණ්ඩ වෙළදපලට පැමිණිම වැළැක්විම එහි අරමුණ වන බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.
අතරමැදියන් වී තොග ළඟ තබාගෙන සිටින්නේද යන්න පිළිබඳවත් පරීක්ෂා කිරීම් සිදුකරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසන්නේ.
පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු සඳහා 1977 කෙටි දුරකතන අංකය ඔස්සේ පැමිණිලි කිරීමට හැකි බවද වැඩිදුරටත් සඳහන්.
හෙළයට සිරිය ගෙනෙන දුන්හිද ඇල්ල
හෙළයට සිරිය ගෙනෙන දුන්හිද ඇල්ල
ඌව පළාතේ බදුලු පුරවරයට අභිමානය ගෙන දෙන මෙම දුන්හිද ඇල්ල මිහිඳුම් පටලයකින් සමන්විත විශාල භූමි ප්‍රදේශයක් නහවමින් ගලා බසි.
මන දොළ පිනවමින් ඇද හැලෙන මෙම දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් මෙම දිය ඇල්ල උස මීටර් 64 කින් හා අඩි 210 කින් යුත් හෙට්ටිපොල කඳුවැටියෙන් ගලා බසි.
පරිසරයේ සුන්දරත්වය විඳිමින් ඉදිරියට ඇදෙන ඔබට දේශීය නිෂ්පාදන බොහෝ දෑ එම
කඩමණ්ඩි වලින් මිලදී ගත හැක.
වඳ වීමේ තර්ජනයට ලක්වෙන බොහෝ ශාක ගණනාවක් හා විවිධ සත්ත්ව කොටස් මෙහිදී දැකගත හැක.
මෙම ස්ථානයේ පුස්සැල්ලක් බැඳී ඇති අතර එම නිසා ජල මාර්ගය අවහිරවීම හේතුවෙන් එය පිටාර ගැලීම නිසා මුළු බදුලු පුරවරයම යට වී ඇති බවත් කොස්ගොල්ල පදිංචිව සිටි අයෙක් එම කාලයේ පුස්සැල්ලව කපා ඉවත් කිරීමෙන් අනතුරුව එය පිරිසිදු වී ජලය ගලායන මාර්ග අවහිරවීම නැවති ජල මාර්ගය සක්‍රිය වී ඇත. එම ජල දහරාව මෙලෙස දුන්හිද ඇල්ල නමින් ජනප්‍රිය වූ බවත් ජනප්‍රවාදයක් පවතී. බදුල්ල කච්චේරියේ සිට මුතියංගනය දක්වා බෝට්ටුවලින් ගිය බව පැරැන්නන් කියා සිටි. එම පුස්සැල්ල වැලේ කෙළවරේ පුස්සල්ලාව ගමක් පිහිටා තිබෙන බවත් ඔවුන් කියා සිටි. මෙම ජල දහරාව අවහිර වුවහොත් අදටත් මුළු බදුල්ලම ජලයෙන් යටවන අතර මුතියංගන චෛත්‍යය හා බදුල්ල කච්චේරිය පමණක් ඉතිරි වන බවත් ඔවුන් කියා සිටි.
මෙම පුස්සැල්ල කැපීමට පෙර ජලය අවහිර වූ පසු එම ජල ධාරාව රිදී පානෙන් දැමූ බවත් එම ස්ථානය දොරකඩ ලෙස නම් දරා ඇත.
නරඹන්නන් පැමිණිය විට බොහෝ අනතුරුද සිදුවී ඇති බවත් මෙම ඇල්ල පතුලේ නිදන් හා අත්භූත දේවල් සිදුවන බවත් අපහට වාර්තා විය.
වයස62 වන WM ඥානපාල මහතා අපහට කියා සිටියේ විදේශිකයෙන් විසින් මෙය සොයා ගත් බවත් මිනිසුන් විසින් භාවිතා කොට ඇති අතර පසු කලෙක දුන්හිද ඇල්ල නමින් ජනප්‍රියතාවයට පත් වූ බවත් ඔහු අප හට කියා සිටියේ මහත් වූ ආඩම්බරයෙනි.
මෙහි දියණෑම සඳහා ස්වාභාවික තටාකයක්ද පවතී.
මෙහි සුන්දරත්වය නැරඹීමට යන ඔබ පොලිතීන් ප්ලාස්ටික් රැගෙන යන්නේ නම් එය එම ස්ථානවල නොදමා ඒමට ඔබ සැලකිලිමත් විය යුතුය.
මෙය විදේශ විනිමය ගෙන ඒමටද හොඳ තෝතැන්නකි.
මෙවන් සම්පත් ආරක්ෂා කිරීම ඔබේත් මගේ යුතුකමයි.

සටහන –
මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිශ්චන්ද්‍ර
