https://www.youtube.com/embed/fYhx8qI1S_Y?si=0qF5V6i8vAM8jLSN” title=
Author: Supun
“ටයි පොජ්ජ ගලවලා අමුඩ පොජ්ජක් ඇදගෙන කුඹුරට බහින්න” ඇමති නාමල්ට නලින් බණ්ඩාර කියයි…..
https://www.youtube.com/embed/GJ1VqhiH6tc?si=BTWZdTvyZblteIsm” title=
අධ්‍යාපන අමාතංශය ඉදිරියේ සංවර්ධන නිළධාරීන්ගේ විරෝධයේ ඇතිවුන උනුසුම මෙන්න..
https://www.youtube.com/embed/LSUTX9w1Dok?si=Hsm4wB0oRzvYZ4MM” title=
නීතිවිරෝධී මත්පැන් කවුන්ටර පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ කැසිනෝ ශාලාවක් වටලයි
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුව, නීතිවිරෝධී මත්පැන් කවුන්ටර පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
අදාළ ස්ථානයට නිකුත් කර ඇති මත්පැන් බලපත්‍රය මඟින් පවත්වාගෙන යා හැක්කේ එක් මත්පැන් කවුන්ටරයක් පමණක් බවත්, නමුත් මහල් පහක් ඇති එම කැසිනෝ ශාලාවේ සෑම මහලකම පිහිටි කවුන්ටර මඟින් එහි පැමිණෙන සාමාජිකයන්ට නොමිලේ මත්පැන් ලබාදෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එහි තිබී තීරුබදු නොගෙවූ විදෙස් මත්පැන් බෝතල් 100ක් ද සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බවයි පැවසෙන්නේ.
මෙන්ඩිස් සමාගම ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි
ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කරනු ලැබුවා.
ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම්, තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින්, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයා වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර තිබෙනවා.
තම සේවාදායකයා ගෙවීමට ඇති රුපියල් බිලියන 5.3ක හිඟ සුරාබදු මුදල් සහෝදර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්, මේ වන විට මහ බැංකුව විසින් තහනමට ගෙන තිබෙන රුපියල් බිලියන 12 කට අධික මුදල්වලින් ගෙවා දැමීමට හැකියාව තිබෙන බවත්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මුදල්වලින් මෙම බදු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන මුදාහරින ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එයට දැඩිව විරුද්ධ වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය හිඟ බදු පැහැර හැරි මත්පැන් සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණය පෙත්සම්කාර සමාගමට පමණක් අදාළ වන කරුණක් නොවන බවත්, ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් අධිකරණයට පෙන්වා දුන්නා.
ඒ අනුව, මෙම පෙත්සම තුළ දක්වා ඇති කරුණු අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින්, එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සටහන් කළේ.
දකුණු කොරියානු ජනාධිපතිගේ යුධ නීතියට එරට පාර්ලිමේන්තුවේ දැඩි විරෝධය
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් විසින් ඊයේ (03) සිය රට තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කළා.
එයට විරෝධය දැක්වීම සඳහා අද අලුයම් කාලයේ රැස්වූ එරට පාර්ලිමේන්තුව විසින් හමුදා නීතියට එරෙහිව ඒකමතිකව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළ අතර, ඊට මන්ත්‍රීවරුන් 190 දෙනෙකු ඇතුළත් බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, එම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සිය තීන්දුව හකුලා ගැනීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර, අද දහවල් එරට විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, ඉදිරි පැය 72 තුළ අදාල යෝජනාව විවාදයට ගෙන, ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 188 ක් නාවික හමුදා භාරයට
අද (04) අළුයම යාපනය – ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 188.35 ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 75 කට අධික වන බවයි පැවසෙන්නේ.
ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
අද සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 02 ක් සතොස හරහා අලෙවි කරනවා – වෙළෙඳ අමාත්‍ය
පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 02 ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.
රජය විසින් මෝල් හිමියන් ගෙන්වා සිදුකළ සාකච්ඡාවේදී බැංකු ප්‍රශ්න නිසා මෝල්වල ඇති සහල් නිදහස් කිරීමට නොහැකි බව පැවසූ බවත්, එයට පිළිතුරක් ඊයේ සපයා දුන් බවත්, ඒ අනුව අද සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 02 ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220 ක වෙළෙඳපොළ මිල යටතේ ලබාදීමට මෝල් හිමියන් එකඟ වූ බවයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් පවසා සිටියේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ එහි ඉහළම අගය අද වාර්තා කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) එහි ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය අද (04) දිනයේදී වාර්තා කරනු ලැබුවා.
ඒ අනුව එම අගය ඒකක 171.69 කින් ඉහළ ගොස්, 13,511.73 ක් ලෙස දැක්වුනු අතර, මුළු පිරිවැටුම රු. බිලියන 5.2 යි ලෙසයි සඳහන් වන්නේ.
2022 ජනවාරි 19 වැනි දින පිහිටුවා තිබූ පෙර වාර්තාව අභිබවා යමින් මෙම නව අගය වාර්තා වී තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුණීකා නිදහස් කෙරේ
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය, ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට අද (04) නියෝග කරනු ලැබුවා.
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම්දීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.
