2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නීති සංශෝධනයට උපදෙස් ලබාදී ඇති බව නීතිපති අධිකරණයට කියයි

නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි නීති සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, තරුණ ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන නීති සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින් මෙය මහජනතාවට ඉතා වැදගත් නඩුකරයක් බැවින් ඊට සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීමට හැකිවන ආකාරයේ මෙම නඩුකරය පිළිබඳව භාෂා තුනෙන්ම පුවත්පත්වල දැන්වීම් පළ කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිට තිබෙනවා.

එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, ඉන් අනතුරුව පෙත්සම ජනවාරි මස 29 වනදා කැඳවීමටත් නියෝග කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගය 16 වනදා දක්වා කල් තබ

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ විභාගය මේ මස 16 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම් අද (11) එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

අදාළ විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් තුන ඉදිරිපත් කර තිබුණා

කලාවැව වලවේගම සසල කල පුද්ගල ඝාතනය..සැකපිට අඹු සැමි යුවලක් අත්අඩංගුවට…..

https://www.youtube.com/embed/W_PoEXZwWAs?si=ScYc1v7-rEBDkTtn” title=

පුද්ගලිකව ගන්න එපා කියලම ජනපති නිළධාරීන්ට උගන්නපු අපූරු පාඩම….

https://www.youtube.com/embed/AqzPZ2d-jvU?si=JXLPgA4Vhzmqrfex” title=

ඇප ලැබුන පොඩි ලැසී දැඩි ආරක්ෂාවක් එක්ක අධිකරණයෙන් රැගෙන ගිය අයුරු……

https://www.youtube.com/embed/e3EfEHJbSBY?si=dY2MoYr0JWMcLA1v” title=

හාල් ප්‍රශ්නයක් විසඳගන්න බැරි ආණ්ඩුවක් තිබිලා වැඩක් නෑ – අජිත් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් ජනතාව තබා තිබුණද, ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත් ටික සොයාගැනීමට නොහැකිව කාලය ගත කරන තත්ත්වයකට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ පවසනවා.

සහල් හිඟයක් රට තුළ ඇතිවීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ආණ්ඩුව විසින් සහල් මෝල් හිමියන් සතුටු කිරීමට ගත් ක්‍රියාමාර්ග නිසා මෙම ගැටලුව ඇතිවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

සහල් ප්‍රශ්නයක් විසඳා ගැනීමට නොහැකි ආණ්ඩුවක් රට තුළ තිබී ඵලක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ

යූ.එල්. උදය කුමාර පෙරේරා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඔහු මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයෙක් වශයෙන් සේවය කරන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙතෙක් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලූ යූ.ඩී.එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙනවා.

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 08 ක් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරේ

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 08 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

එහිදී සැකකරුවන් 08 දෙනාට, එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙක බැගින් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සැකකරුවන් 08 දෙනාට විදේශ ගමන් තහනම් කරමින් එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටත්, සෑම ඉරිදා දිනයකදීම අතුරුගිරිය පොලීසියේ පෙනී සිට අත්සන් කළ යුතු බවටත් දැඩි ඇප කොන්දේසි ද පනවා තිබෙනවා.

පසුගිය ජුලි මස 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වී සිටියදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කෙරුණා.

සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම්කෙ​රේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02 ක් හිමි වූ අතර අනෙක් මන්ත්‍රී ධූරයට රවී කරුණානායක පත්කර තිබුණා.