සහල් මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය නිලධාරීන් වැරදියට ගහලා – එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය

සහල් මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය නිලධාරීන් විසින් වැරදි ලෙස නිකුත් කර ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව තොග මිල, තොග වෙළෙන්දාට සහ සිල්ලර වෙළෙන්දාට සහ සහල් මෝල් හිමියන්ටද අයිති බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ.

නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සහල් මෝලෙන් ලැබෙන මිලටම තොග වෙළෙන්දන් විසින් විකිණීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.

රජය අපහසුතාවට පත් කිරීමෙන් අරමුණින් හෝ නිලධාරීන් විසින් මෙම ගැසට් නිවේදනය වැරදි ලෙස නිකුත් කර ඇති බවත්, එය නිවැරදි කරන ලෙස කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර තිබෙනවා.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනමා තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6757f3b237943pdf_page_0

ඇමතිතුමාගේ අදහස මොකක්ද ? කෘෂි ඇමති ලාල් කාන්තගෙන් ගොවීන් අහපු ප්‍රශ්නය…

https://www.youtube.com/embed/8zJxd9_VAzw?si=U05KSfVo_2VbV-zN” title=

ආණ්ඩුවට යම්කාලයක් දෙන්න ඔනේ හේතුව ගැන කියන ස.ජ.බ මන්ත්‍රී රෝහණ බණ්ඩාර……

https://www.youtube.com/embed/lEZM9yz5m24?si=NtLokurI5IKlGrp9″ title=

රටේ හාල් මිලතීරණය කරන්න ඒ තුන්දෙනා ආන්ඩු ද ? අනුරාධ තෙන්නකොන්ගෙන් සහල් මෝල් හිමියන්ට සැර උත්තරයක්..

https://www.youtube.com/embed/d7KsNtDyl8s?si=b_a8srR24pIkETK-” title=

“මේක ක්‍රියාත්මක නොවුනොත් ඉදිරි පියවරට යනවා” සහල් මෝල් හිමියන් ඉදිරියේදී ජනපති දුන්න අවසන් තීන්දුව.

https://www.youtube.com/embed/pMgak7lmdLU?si=lgA5t4U9feigYuks” title=

ශ්‍රී ලංකාව අල්ලස දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවෙමු – ජනපති

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බවයි “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම”   වෙනුවෙන්  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය  වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6756e9fed5ec6pdf_page_1 6756e9fec06bapdf_page_0

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ජවිපෙට ඡන්දෙ දුන්න අය දැන් සතොසට යන්නේ මාස්ක් දාලා – චන්දිම වීරක්කොඩි

ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් අයට සතොසට යාමට සිදුව ඇත්තේ මුව ආවරණ පැළඳ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් බවට හඳුනා ගනීවි යැයි ලැජ්ජාවට එලෙස මුව ආවරණ පැළඳීමට සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එලෙස මුව ආවරණ පැළඳ ගොස්, පොල් ගෙඩි 03 ක් සහ සහල් කිලෝ 05 ක් ගෙන එන මට්ටමට පැමිණ ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.