සහල් තොග සැඟවූ සහ වැඩි මිලට සහල් විකුණූ පුද්ගලයින් 80කට නඩු

වැඩි මිලට සහල් අලෙවි කළ හා සහල් තොග සඟවාගෙන සිටි පුද්ගලයින් 80 කට එරෙහිව පසුගියදා නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ගෙවුණු දින 03 තුළ එවැනි පුද්ගලයින් 201 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවත්, වැඩි මිලට සහල් විකුණන පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව සිදුකරන වැටලීම් දැඩි කරන බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.

එසේම, මහා පරිමාණ සහල් මෝල්වලින් නිකුත් කරන සහල් ප්‍රමාණය අධීක්ෂණය කිරීමට තවදුරටත් නිලධාරීන් යොදවා ඇති බවද පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනපතිගේ ඉන්දීය සංචාරය හෙට ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 15 සිට 17 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි දැක්වෙන්නේ.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායකගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර, එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

එමෙන්ම, දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ලොව පුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් සමරන, එමෙන්ම වසරේ අවසාන පොහොය වන උඳුවප් පොහොය අදට (14) යෙදී තිබෙනවා.

සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ දින 07 ක් මුහුද තරණය කිරීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොල පටුනෙන් මෙරටට වැඩම කළේ අද වැනි උඳුවප් පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් 11 නමක් ද මෙරටට වැඩම කළ අතර, මෙරට කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ආරම්භ කරමින් මෙහෙණි සසුන පිහිටුවීම ද සිදුවූයේ අද වැනි උඳුවප් පොහොය දිනක බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.සිරිපා වන්දනා සමයද අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයේදී ආරම්භ වීමට නියමිතයි.

Lanka T10 Super League: Jaffna Titans කණ්ඩායමට කඩුලු 8 ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස Hambantota Bangla Tigers කණ්ඩායම හා Jaffna Titans කණ්ඩායම් අතර පැවති අතරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට Jaffna Titans කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට  Hambantota Bangla Tigers කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 10 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Hambantota Bangla Tigers කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 51 ක් ලබා ගත්තා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Titans කණ්ඩායම පන්දුවාර 9 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Lanka T10 Super League: Jaffna Titans කණ්ඩායමට ලකුණු 107 ක ඉලක්කයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය Hambantota Bangla Tigers කණ්ඩායම හා Jaffna Titans කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට  Hambantota Bangla Tigers කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 10 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Hambantota Bangla Tigers කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 51 ක් ලබා ගත්තා.

ජයග්‍රහණය සඳහා Jaffna Titans කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 107 ක්.

Lanka T10 Super League: තරගාවලියේ ක්‍රීඩා කරන සංචිත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්වල ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට Jaffna Titans, Kandy Bolts, Hambantota Bangla Tigers, Colombo Jaguars, Nuwara Eliya Kings හා Galle Marvels යන කණ්ඩායම් හය තරග වදිනවා.

අදාළ සංචිත පහතින්.

6759656cbfe4d 6759656da0445 6759656ca7a7f 6759656c10c58 6759656b6d3b4 6759656a83d67

ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

675984f3f016fpdf_page_0

මේ ආණ්ඩුවත් මොකටද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ – සමන් රත්නප්‍රිය

අද රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකද නැතහොත් ඩඩ්ලි සිරිසේන දැයි සැකයක් මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා.

පාලන මිලට සහල් ලබාදීමට නොමැකිව යළි සහල් මෝල් හිමියන් කැඳවා මේසයට ගසා 220 ට තිබූ සහල් 230 කර ලබාදුන් බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඔවුන් මීට පෙර ප්‍රකාශ කළේ, වී වැවෙන රටේ සහල් පිටරටින් ගෙන්වන ආණ්ඩුවක් කුමකටද යන්න බවත් අපටත් අසන්නට ඇත්තේ මේ ආණ්ඩුව කුමකටද බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මිලියන 130 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් ඔහු සතුව තිබී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි වටිනාකම රුපියල් මිලියන 130 ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.

2025 අයවැය වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා අදත් පැවැත්වෙයි

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (11) දිනයේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනාද මෙහිදී සාකච්ඡාවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ අවස්ථාව සඳහා විෂය භාර අමාත්‍යවරුන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.