ජනපති අද ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) සිය ඉන්දියානු නිල සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා අද සිට ලබන 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම සංචාරයට එක්වනවා.

ඒ අනුව එම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් ප්‍රති අපනයනය කරන ලෙස දැනුම්දීමක්

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ බහාලුම් 03ක තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 75,000ක් ප්‍රති අපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට දැනුම්දී තිබෙනවා.

ආනයනය කරන ලද බහාලුම් දෙකක සහල්වල ගුල්ලන් සිට ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල කල් ඉකුත්වීමට ආසන්න දින සහිත පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙරට සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට රජය ඉකුත් 04 වැනිදා සිට අවසර ලබාදී තිබුණා.

හාල් ප්‍රශ්නේ නොවිසදුවොත් ආණ්ඩුවට සොරි ඩොට් කොම් තමයි කියන අසේල සම්පත්……

https://youtube.com/watch?v=zZ1QBgnga5s%3Fsi%3DQrn0Xra5E4OBbO-H

හොරු අල්ලන්න හොර ආචාර්ය කෙනෙක් අද තුන්වෙනි පුරවැසියා කරලා මන්ත්‍රී රෝහණගෙන් ආණ්ඩුවට බැට……

https://youtube.com/watch?v=IzN4n4bwDKY%3Fsi%3D_NtS4dqQjfiOB-xT

“ගේන්න කියන්නකෝ ඔය විශ්වාසභංගය” ආණ්ඩුවේ ඇමති වසන්තගෙන් විපක්ෂයට චැලෙන්ජ් එකක්…..

https://youtube.com/watch?v=JztU54x2wBk%3Fsi%3DvT4nmt6CtGGMhqHx

අනාරක්ෂිත වගා ලිදට වැටුන වන අලියා බේරන්නට යද්දී සිද්දවුන දේ…….

https://youtube.com/watch?v=HDCu-LC7yJA%3Fsi%3DKkg5QDfCwHnBx69o

නව කථානායකවරයෙකු පත් කිරීමේ කටයුතු මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී සිදුවේවි – පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්

ස්ථාවර නියෝග 6/1 අනුව, කථානායකවරයාග‍ේ ඉල්ලා අස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දීමෙන් පසු, නව කථානායකවරයෙකු පත් කිරීමේ කටයුතු මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී සිදුවන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවසනවා.

ඒ අනුව, කථානායක ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ විට, එම පුරප්පාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වන පළමු රැස්වීමේදීම නව කථානායකවරයෙකු තෝරා පත් කර ගත යුතු බවයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා (දෙසැ. 17) සහ බදාදා (දෙසැ. 18) දිනවලදී රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර නිවේදනය කර සිටි අතර, ඒ අනුව එම අවස්ථාවේදී නව කථානායකවරයෙකු පත් කරගනු ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් – මුදල් අමාත්‍යංශ ලේකම්

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරන ලද බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයක් අවසන් වූ බවයි ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.

මේ බව මුදල් අමාත්‍යාංශයද නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන අතර, එයට අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

675d0942eb5d0

නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, එම නිල ඇඳුම් කට්ටල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817ක් වන අතර, නිල ඇඳුම් ලබා දීමට නියමිත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටිනවා.

මෙවර පාසල් නිල ඇඳුම් සියල්ලම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී තිබෙනවා.

වසරේ මේ දක්වා සංචාරකයින් මිලියන 1.9 ක් මෙරටට – සංචාරක සංවර්ධන අධිකාරිය

2024 වසරේ ගතවූ කාලය තුළදී සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, දෙසැම්බර් මාසයේ දැනට 90,000කට අධික සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බවද, දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 250,000ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කර සිටිනවා.

මෙම වසර තුළ සංචාරක පැමිණීම ලෙස මිලියන 2.2ක ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවත්, එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන දෙකක අගයක් ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙම වසර වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.