ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුදත් මහදිවුල්වැව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව, එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව සඳහන්.
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුදත් මහදිවුල්වැව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව, එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව සඳහන්.
තමන් විසින් අමාත්‍ය ධුර දරන ලද කිසිදු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරි අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා පෞද්ගලිකව ලබා ගෙන නොමැති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවක අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය සහභාගී වූ ඇතැම් රාජ්‍ය කටයුතු සඳහා තමන් ද සහභාගී කරගත් අවස්ථා තුනක දී පමණක් ඔවුන් සමග තමන් එම අවස්ථා සඳහා සහභාගී වීමට ගුවන් යානා වලින් ගමන් ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.

ගම්පහ – වීරගුල කොස්කඳවල විහාරස්ථානය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
30 හැවිරිදි මෙම පුද්ගලයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට අදාළ වාචික සැසි ලබන 27 වනදා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අදාළව ඉදිරිපත් කළ ප්‍රතියෝජනාව පිළිබදව මෙම සැසිවල දී මහජන අදහස් ලබා ගැනීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
මෙම යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලිඛිතව ලබා ගැනීමේ කටයුතු පසුගිය 17 වනදා සිට ආරම්භ වූ අතර වාචික සැසි ලබන 27 වනදා මහනුවර ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව ජනවාරි මස 17 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් පවසා සිටිනවා.
උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස් රථ 50 ක් ධාවනයට එක් කර ඇති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.
එසේම අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ ප්‍රමාණයද වැඩි කර ඇති බවත්, නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.
එම සංචිතයට නවක ක්‍රීඩක ඒෂාන් මාලිංග ඇතුළත් කර ඇති අතර, නුවනිදු ප්‍රනාන්දු ද සංචිතයට නම් කර තිබෙනවා. සධීර සමරවික්‍රමට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.
තරග සංචාරයට විස්සයි විස්ස තරග 03 ක් හා එක්දින තරග 03ක් ඇතුළත් වන අතර, එක්දින තරගාවලිය ජනවාරි 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
අදාළ සංචිතය පහතින්.

වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශ දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබෙනවා.
එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් බවයි සඳහන් වෙන්නේ.
2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහත වැටීමක් බවයි ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස් රථයේ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබෙනවා.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. රාම්මුර්ති මහතා විසින් අද (22) මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
රෝහල වෙත පැමිණි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබද කරුණු විමසා මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව සැකකාර රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රෝහල තුළම මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
එම කාලසීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 22,967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141 ක් බවයි පොලීසිය සඳහන් කළේ.
බරපතල ගණයේ අනතුරු 6,500 ක් එම කාලසීමාව තුළ වාර්තා වී ඇති අතර සිදුවී ඇති සුළු අනතුරු සංඛ්‍යාව 9,127 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි එහි සඳහන් වෙන්නේ.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
