https://www.youtube.com/embed/yLrgZzoV47M?si=xXNU2gxnVCp593o-” title=
Author: Supun
THE NOIR QUEEN KUWENI නවතම මුද්‍රා නාට්‍යය ගැන ප්‍රවීන නර්ථන ශිල්පී චන්දන වික්‍රමසිංහ කියූ දේ…..
https://www.youtube.com/embed/DP0Pi8MPGH8?si=MKu_t0b3sNmYfEV2″ title=
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයන විට 80 වන වියේ පසු වූ බවයි සඳහන් වෙන්නේ.
ආදරණීය නේරංජනා, හෙට දවසේ, මට වාසනා, සඳ මා ගාවයි, මාගේ සැමරුම් පොතේ, එකම වීදියේ, මොහොතක සුව දෙන, ගෙලවට බැන්දා වූ වැනි ගීත සඳහා සූරියසේන මහතා විසින් සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා.
දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට කිසිදු අමාත්‍යවරයෙකුට පක්ෂයෙන් තහනමක් පනවා නැහැ – කැබිනට් ප්‍රකාශක
මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට කිසිදු අමාත්‍යවරයෙකුට පක්ෂයෙන් තහනමක් පනවා නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව ඔවුන්ට නිදහසේ තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
සතියකට වතාවක් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් පැවැත්වෙන බවද, එහිදී කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යංශ මට්ටමින් ඇති ගැටලු සඳහා අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට පිළිතුරු දීමේ හැකියාව පවතින අතර, එය ඔවුන්ගේ වගකීමක් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු සහභාගි වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අමාත්‍යාංශ, නියාමන ආයතන, නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන ඇතුළුව, පාර්ශ්වකාර ආයතන 24ක් සඳහා සම්පාදනය කර ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව මෙහිදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් අවධාරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ජනාධිපති අරමුදලේ අවභාවිතාවක් සිදුවී ඇත්දැයි සෙවීමට CIDයෙන් විමර්ශනයක්
ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ විමර්ශනය සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී ඇති බවයි වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.
ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය විසින් ඊයේ (23) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
බන්ධනාගාර රැඳවියන් 389කට සමාව හිමිවෙයි
බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නත්තල වෙනුවෙන් මෙලෙස ඔවුන්ට නිදහස ලබාදෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කාන්තා රැඳවියන් 04 දෙනෙකුද නිදහස ලබන පිරිසට ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක්…
ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක්…
ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි එම පාසල්වල පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන බවය.
එලෙස අයදුම්පත් කැඳවීම සඳහා වන සිංහල හා දෙමළ භාෂාවෙන් සකස් කරන ලද නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය, සහ ආදර්ශ ඉල්ලුම්පත්‍ර පසුගිය 11 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවත් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව එම වෙබ් අඩවියේ ‘විශේෂ දැන්වීම්’ යටතේ එම අයදුම්පත බාගත කිරීමට කර ගත හැකි බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.
තවද එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය මෙම මස 31 වන දින වන බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.
ඇඟ නිල් වෙන රෝගයක්.. ලංකාවේ පළමුවරට ඇසුණු පුදුම හිතෙන රෝගී තත්වයක් ගැන විශේෂ අනාවරණයක්..
ඇඟ නිල් වෙන රෝගයක්.. ලංකාවේ පළමුවරට ඇසුණු පුදුම හිතෙන රෝගී තත්වයක් ගැන විශේෂ අනාවරණයක්..
සටහන මංගල කරුණාතිලක (අනුරාධපුර)
මොකද්ද මේ රෝගී තත්වය.. ඇත්තටම ඒ ගැන ඇසෙන විටත් ඇතිවන්නේ භීතියක්..
කොහොම වුණත් දැනට අනාවරණ වී ඇති කරුණුවලට අනුව මෙන්න මේ වගේ කතාවක් තමයි ඒ ගැන ඇසෙන්නේ..
Congenital Methemoglobinemia නම් වූ අති දුර්ලභ රෝගය වැළඳුනු අයෙකු පළමුවරට මෙරටින් හඳුනාගෙන තිබෙනවා..
ඒ අනුව, අනුරාධපුර – මැදවච්චිය ප්‍රදේශයේ දරුවෙකුට මෙම රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්.යූ. සී. රණවක සඳහන් කළේ..
මෙම රෝගය වැළඳීමේදී රෝග ලක්ෂණ ලෙස ශරීරය දැඩිලෙස නිල්පාට වන බවත්, හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද ඇති වන බවයි ඔහු පවසන්නේ..
මැදවච්චිය ප්‍රදේශයේ මෙම රෝගය වැළඳුනු දරුවා අනුරාධපුර ශික්ෂණ රොහලේ නොමේරු ළදරු ඒකකයේ සායනික පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙරට එකී පරීක්ෂාවන් සඳහා පහසුකම් නොමැති බැවින් දරුවාගේ රුධිර සාම්පල ජර්මනියට යැවීමෙන් අනතුරුව මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු කරගෙන තිබෙනවා..
කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය සඳහා වන ඖෂධ මෙරට පැවතීම හේතුවෙන් දරුවාගේ දිවි බේරා ගැනීමට හැකිවූ බවයි ඔහු සඳහන් කළේ..
එමෙන්ම, මෙම රෝගය ඇතිවීම සඳහා බොහෝවිට ඥාති විවාහයන් හේතු වන නමුත් මෙම දරුවාගේ දෙමව්පියන් එසේ නොවීමද විශේෂත්වයක් බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ..
මෙම රෝගය මෙරටදී හඳුනාගත් පළමු අවස්ථාව මෙය වන නමුත්, ලෝකයේ සාමාන්‍යයෙන් ලක්ෂයකට එක් දරුවෙකුට මෙවැනි රෝගයක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ..
Moody’s ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමයි
ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම ‘Ca’ මට්ටමේ සිට ‘Caa1’ දක්වා ඉහළ දැමීමට Moody’s ආයතනය තීරණය කර තිබෙනවා.
පුද්ගලික අංශයේ ණයහිමියන් සතු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම අනුමත කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
