පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් කඩිනමින් ඉටු කිරීමට WhatsApp අංකයක් හඳුන්වා දෙයි

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සදහා කම්කරු අමාත්‍යාංශය විසින් නව WhatsApp අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කම්කරු අමාත්‍යාංශය හා කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් සහන, මැදිහත්වීම් ඉල්ලා සේවකයින් විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා 070 722 7877 යන WhatsApp අංකය මේ අනුව හඳුන්වා දී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙරට පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවා ගැටලුවලට කඩිනම් සහන සැලසීම කම්කරු දෙපාර්තමේන්තුවේ අරමුණ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මහජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමටත්, නිලධාරීන්ගේ කාලය කළමනාකරණය කරගැනීමේ පහසුව සදහාත් මෙම WhatsApp අංකය හදුන්වා දී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ.

677636d6354c4pdf_page_0

ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 16,000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඒකක 403.94 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරමින්, දිනය අවසානයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් සියලු ඒකක 16,341 ක් ලෙස වාර්තා වී තිබුණා.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 12 සීමාව අභිබවා යාමද තවත් සුවිශේෂී සිදුවීමක් වෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව අවුරුදු සැමරුම

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු නිලධාරින් එක්ව අද (01) උදෑසන, 2025 නව වර්ෂය සැමරී ය. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. කාර්යාලයට සේවය ලබා දෙන සියලු අංශවල නිලධාරින් මේ අවස්ථාවට සහභාගී වූහ.
බෞද්ධ ආගමික වතාවත් සිදු කලේ , ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඥ්ඥානන්ද නායක හිමිපාණන් වහන්සේ යි.
ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ කළ “Clean Sri Lanka,, වැඩසටහන රූපවාහිනිය ඔස්සේ සියලුම රාජ්‍ය නිලධාරින්ට නැරඹිමට සැලැස්වී ය.
නව අවුරුදු සැමරුම් වැඩසටහනේ දී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කාර්යාලයේ දැක්ම හා මෙහෙවර නව වර්ෂය තුල ක්‍රියාවට නැන්විමේ දී ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව පැහැදිලි කරන ලදි. එහිදී අප සිටින්නේ කොතැන ද , යා යුත්තේ කවර ඉලක්කයකට ද සහ එම ඉලක්කය සපුරාගත හැක්කේ කෙසේ ද යන්න පිලිබදව සවිස්තරාත්මකව පැහැදිලි කළේ ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට පවතින දරිද්‍රතා මට්ටම මෙම වසරේ දී 01% කින් අවම කිරීමටත් , වී නිෂ්පාදනය 0.5% කින් ඉහළ නැන්වීම මෙන්ම ව්‍යවසායක ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස් තවත් 02% කින් පමණ වැඩි කිරිම යනාදිය ඉලක්ක කරගන්නා බව පැවසූ අතර ඒ සදහා සියලු නිලධාරීන් කාර්යක්ෂම කටයුතු කිරිමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.
වැඩසටහනින් අනතුරුව කාර්යාලයේ සියලුම නිලධාරින් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා අබේසේකර , ශාමිලා වික්‍රමආරච්චි යන මහත්මීන් , ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , ප්‍රධාන ගණකාධිකාරි චමින්ද හේරත් , සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න යන මහත්වරුන් ඇතුළු කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරින් හා අනෙකුත් නිලධාරී පිරිස මේ අවස්ථාවට එක් වූහ.

WhatsApp Image 2025-01-02 at 20.52.13 (1) WhatsApp Image 2025-01-02 at 20.52.13 (2) WhatsApp Image 2025-01-02 at 20.52.13 (3) WhatsApp Image 2025-01-02 at 20.52.14 (1) WhatsApp Image 2025-01-02 at 20.52.14 WhatsApp Image 2025-01-02 at 20.52.13

2025 වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග කාලසටහන

2025 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ ටෙස්ට් තරග 04 ක්, එක්දින තරග 13 ක් හා විස්සයි 20 තරග 12 ක් (ආසියානු කුසලානය හැර) ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

අගෝස්තු මාසයේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

තරග කාලසටහන පහතින්.

* 2025 ජනවාරි 11 දක්වා – නවසීලන්ත තරග සංචාරය

* 2025 ජනවාරි 29 සිට පෙබරවාරි 13 – ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 02ක්, එක්දින තරගයක්

* 2025 මාර්තු 14 සිට මැයි 25 – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය

* 2025 ජූලි – බංග්ලාදේශයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 02 ක්, එක්දින තරග 03 ක් හා 20යි 20 තරග 03 ක්

* 2025 අගෝස්තු – ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය

* 2025 සැප්තැම්බර් – සිම්බාබ්වේ පිලට එරෙහිව එරට දී එක්දින තරග 03 ක් හා 20යි 20 තරග 03 ක්

* 2025 ඔක්තෝබර් – T20 ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී

* 2025 නොවැම්බර් – අයර්ලන්තයට එරෙහිව මෙරට දී එක්දින තරග 03 ක් හා 20යි 20 තරග 03 ක්

* 2025 නොවැම්බර් / දෙසැම්බර් – පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේ දී එක්දින තරග 03 ක් හා 20යි 20 තරග 03 ක්

කාන්තා හා ළමා කටයුතු ඇමතිවරිය වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් හමුවී ඇය ඔවුන්ගේ සුවදුක් විමසා බලා ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහන යටතේ කාන්තා හා ළමා අමාත්‍යාංශය විසින් වඩා හොඳ හෙට දවසක් වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

මෙරට ප්‍රථම ඇටමිදුළු බද්​ධ කිරීමේ ඒකකය විවෘත වෙයි

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් මෙය ඉදිකර ඇති බවයි සඳහන් වෙන්නේ.

පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය ලෙසයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර එම විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබෙනවා.

රථ වාහන පැමිණිලි ක්ෂණිකව දැනුම්දීමට e-Traffic නමින් App එකක් හඳුන්වා දෙයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම හැකියාව පවතින බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607 ක රථවාහන නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින අතර, දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබාගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2025 වසරේදී ගුවන්ගතවූ ගුවන් යානයක් 2024 වස​රේදී ගොඩබස්වයි

මගී ගුවන් යානයක් 2025 නව වසරේදී හොංකොං සිට ගුවන් ගතවී 2024 වසරේ ලොස් ඇන්ජලීස් වෙත ගොඩ බස්වා තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ගුවන් යානය ලොස් ඇන්ජලීස් වෙත ගොඩ බසින විට එහි නව වසර උදාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2025 නව වසර ආරම්භ වී හොංකොං සිට ගුවන්ගතවී පැය 14 කට ආසන්න කාලයක ගුවන් ගමනකින් අනතුරුව ගමනාන්තයට ළඟා වූ විට එහි දිනය සටහන්ව ඇත්තේ 2024 දෙසැම්බර් 31 ලෙස බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එම ගුවන් යානය පැසිෆික් සාගරය හරහා ජාත්‍යන්තර දින රේඛාව පසු කරන විට ගුවන් යානය නැවත 2024 දක්වා ගමන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

677551538ef11

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න තුන​ට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 ට සියලුම දෙනාට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පදනම් කර ගනිමින් අදාළ තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා මේ සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ලබාදෙමින් විනිසුරු මඬුල්ල සඳහන් කර තිබුණේ, විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

2025 නව වසර වත්මන් ආණ්ඩුවට අභියෝගාත්මක වසරක් – රෝහිත

2025 නව වසර වත්මන් ආණ්ඩුවට අභියෝගාත්මක වසරක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ජනතාව වෙනුවෙන් ජනතාවාදී ආණ්ඩුවක් ලෙස තම වගකීම ඉටු කිරීමට සිදුවන බවත්, නැතහොත් ජනතා විශ්වාසය බිඳ වැටෙනු ඇති බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටේ ඉන්ධන මිල අඩු කරනවා නම් රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.