අප්‍රේල් 2 දින නිකුත් කරන ලද “ලෝක බැංකු යාවත්කාලීන කිරීම: ප්‍රකෘතිය සඳහා මාවත්” නමැති වාර්තාව 2022 දී රට ගිලගත් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මහජනතාවට බලපා ඇති ආකාරය කෙටියෙන් සාකච්ඡා කරයි.

ColomboCityHalfDayTour

අප්‍රේල් 2 දින නිකුත් කරන ලද “ලෝක බැංකු යාවත්කාලීන කිරීම: ප්‍රකෘතිය සඳහා මාවත්” නමැති වාර්තාව 2022 දී රට ගිලගත් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මහජනතාවට බලපා ඇති ආකාරය කෙටියෙන් සාකච්ඡා කරයි. කෙසේ වෙතත්, එය අවධාරනය කරන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද සහ වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල “ආර්ථික ප්‍රකෘතිය” සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික දුර්වලතා සහ ඉහල විදේශ නය, දැනට පවතින කෝවිඩ්-19 වසංගතය සහ රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් උත්සන්න විය.

මෙම අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව දැරූ ප්‍රයත්නය හමුවේ, 2022 අප්‍රේල්-ජූලි කාලය තුල මිලියන ගනනක් කම්කරුවන් සහ ග්‍රාමීය හා නාගරික දුගීන් සහභාගි වූ විරෝධතා, පෙලපාලි සහ වැඩ වර්ජන පුපුරා ගියේය. එම මහජන ව්‍යාපාරය හමුවේ, ආන්ඩුව බිඳ වැටුනු අතර රාජපක්ෂ රටින් පලා ගොස් ඉල්ලා අස්විය.

අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් ඉල්ලා සිටි වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙම නැගිටීම පාවාදීම, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට ඔසවා තැබීමට සහ ජාමූඅ කප්පාදු පියවර තීව්‍ර කිරීමට මග පෑදීය.

ලෝක බැංකු වාර්තාව මෙසේ සටහන් කරයි: “ඉහල උද්ධමනය, වැටුප්, ආදායම් සහ රැකියා අහිමිවීම් සහ ප්‍රේෂනවල පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීමෙන් කුටුම්භ දරිද්‍රතාවයට පත්ව ඇත.”

ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් ආසන්න වශයෙන් සියයට 60 ක පමන ආදායම් අඩු වී ඇති අතර බොහෝ දෙනෙක් ආහාර අනාරක්‍ෂිතභාවයට, මන්දපෝෂනයට සහ වර්ධනය අඩාල වීමට මුහුන දී සිටිති. කෙසේ වෙතත්, මෙම පුලුල් පරිමානයේ සමාජ විනාශයේ සහ දුක්ඛිතභාවයේ දිගු පැවැත්ම, ජාමූඅ හි ම්ලේච්ඡ සමාජ ප්‍රහාරවල සෘජු ප්‍රතිඵලයකි.