සැක කටයුතු ලෙස දින හතරක් නිවසක එල්ලෙමින් තිබු මළ සිරුරක් හොරණ පොලිසිය මගින් සොයා ගනී.

WhatsApp Image 2024-04-30 at 15.37.25

ගල්පාත – චන්දන පෙරේරා
මෙසේ දින හතරකට පෙර මියගොස් ඇත්තේ දික්හේනගම මුණගම හොරණ (78) බාලගේ දොන් උබයසේන නැමැති විවාහක පුද්ගලයෙකි.

මොහු නිවසේ තනිව ජීවත් වී ඇති අතර දරුවන් විවාහ වී වෙනම ජීවත් වන බවත් බිරිඳ විදේශගත රැකියාවක් ද ගොස් ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.අසල නිවැසියන් (25) දින සිට දින තුනක් තිස්සේ නිවසේ සිට නැති අතර ඔවුන් (28) රාත්‍රී නිවසට පැමිණ ඇත උදෑසන ජලය නැතිවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී මියගිය පුද්ගලයාගේ නිවසට ජලයා ලබා දෙන බටය කැඩී තිබීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට අසල නිවසේ කාන්තාව ගොස් ඇති අතර මියගිය පුද්ගලයාගේ නිවසේ දෙසින් දුගදක් හැමීම හේතුවෙන් ඒ පිළිබඳව කාන්තාවගේ නිවසේ වැඩිහිටි පුද්ගලයන් වෙත දන්නවා මේ පිළිබඳව එම නිවසේ වා කවුළුවෙන් බැලීමේ දී පුද්ගලයා එල්ලී සිටිනු දැක අසල නිවැසියන් හොරණ පොලිසියට දන්වා ඇත.

හොරණ පොලිසියේ නිලධාරීන් පැමිණ දොර විවෘත කර බැලීමේදී අදාළ පුද්ගලයා නිවසේ කාමරයක් තුළ එල්ලී සිටුනු දැක ඇත. ඒ වන විටත් ඔහුගේ ශරීරයෙන් දැඩි දුකක්ද හමමින් තිබී ඇත.

ඔහු මිය යාමට පෙර දරුවන් පිළිබඳව කලකිරීමෙන් මත්පැන් පානය කරමින් කාලය ගතකර ඇති බව අසල්වාසීන් පවසයි. අලුත් අවුරුද්දට ඔහුව බැලීමට පුතා පමණක් පැමිණ ඇති අතර ඔහුට සරමක් තෑගි ලෙස ලබාදී පිටව ගොස් ඇත. මිය යන විට ඔහු ඇඳගෙන සිට ඇත්තේ එම සරම බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව
පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් උ.පො.පා.අබේකෝන් පො.සැ.21385 තිලකරත්න නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භක කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හොරණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිධාරියා වෙත යොමු කර ඇත. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ
පො.සැ. 30787නෙළුම් බංඩාර පරීක්ෂණ මෙහෙයවයි.

WhatsApp Image 2024-04-30 at 15.37.25