ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සක්‍රීය වූ නායයෑම ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක් අද එම ප්‍රදේශයට

landlide-file-archived

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද (29) එම ප්‍රදේශයට යාමට නියමිතව තිබෙනවා.

එම ස්ථානයේ පවතින අවධානම අවම කිරීම සඳහා ආයතන රැසක් එක්ව විශේෂ වැඩසටහන් කිහිපයක් අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන සඳහන් කළේ.

ඒ අනුව එම ස්ථානයේ ඇති මතුපිට ජලය ඉවත් කිරීම සඳහා අද කටයුතු කරන බවත්, අංශ කිහිපයක සහයෝගය මේ සඳහා ලබා ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.