ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වැඩ වර්ජනයක

Student-Protest

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද සහ හෙට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල, රජයේ ගුරු විදුහල්වල සහ ගුරු වෘත්තීය මධ්‍යස්ථානවල පීඨාධිපතිවරුන් සහ අනෙකුත් සියලුම ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට පියවර ගෙන ඇති බවයි එහි ලේකම් ධම්මික මිරිහාන සඳහන් කළේ.

වැටුපට අමතරව වෙනත් දීමනා කිසිවක් තම වෘත්තීන්ට නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.