ලංකාවේ ජනගහනයෙන් 10% ක් වකුගඩු රෝගවලින් පෙළෙනවා – විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩු​ව

kidney-disease

මෙරට ජනගහනයෙන් 10% ක් පමණ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසනවා.

දියවැඩියාව වැළඳීම මෙරට වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධකය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ආහාරවල අධික ලුණු, සීනි හා තෙල් අඩුකර, දිනකට වතුර ලීටර් තුන හමාරක් පමණ පානය කිරීම තුළින් මෙම රෝගයෙන් මිදීමට අවස්ථාව ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.