සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වෙයි

premadasa mudunkotuwa

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවුනා.

ප්‍රවීන ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන සංගීතවේදී මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කරමින් සංගීත ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටුකලා.