කොළඹ ටයර් කඩයක ගින්නක්

fire-amor

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ආමර් වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ආමර් වීදියේ වාහන ගමනාගමනය මීගමුව දෙසට එක් මංතීරුවකට සීමා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.