විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

protest

සියළු විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එළෙඹෙන මැයි දෙවැනිදා දහවල් 12 සිට එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පවසා සිටින්නේ.

2016 වසරේදී අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමේ හේතුව නිසා ගැටළු මතුව ඇති බවත්, පසුගිය කාලයේදී විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූයේ එම වැටුප් ගැටළුව නිවැරදි කරන ලෙසත් බවයි සඳහන් වන්නේ.