මෛත්‍රිපාලගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ අය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

duminda-dissanayake-archived

මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය දරන කාලයේ අත්තනෝමතික ලෙස ලබා දුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක පවසනවා.

පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර කඩිනමින් පිරවීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

මෛත්‍රිපාල සිරිසේනගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ අය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ලසන්ත අලගියවන්න, වීර කුමාර දිසානායක හා නීතිඥ ෆයිසර් මුස්තාපා යන අය එම කමිටුවට පත් කළ බවත්, එහි සභාපතිත්වය තමන් විසින් හොබවන බවත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.