කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

traffic (1)

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව පොලීසිය නිවේදනය කර තිබුණා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූවගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, මාර්ග වසා දමන අවස්ථාවල යම් වාහන තදබදයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.

අද රාත්‍රී 8.30 න් පසුව කොටුව සිට කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාරද, ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගයද, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගී මාර්ගය දක්වාත් අධිවේගී මාර්ගය පෑලියගොඩ සිට කටුනායක දක්වාත්, ඉරාන ජනාධිපතිවරයා ගමන් ගන්නා අවස්ථාවේදී වසා තැබෙන බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.