කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු කලමණාකරණ සහකාරවරයකු අද(26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.

WhatsApp Image 2024-03-26 at 23.38.22 (1)

24-03-26
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු කලමණාකරණ සහකාරවරයකු අද(26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
අද (26) රාජකාරී වේලාව තුළ බීමත්ව සිට ඇති අදාළ කලමනාකරණ සහකාරවරයා කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ අශෝබන ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති බවත්, අදාල කලමණාකරණ සහකාරවරයාගේ මෙම බීමත් අශෝබන හැසිරීම නිසා එම කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස හා සේවා ලබා ගැනීමට එහි පැමින සිටි ජනතාව ද අපහසුතාවයට පත්ව තිබූ බව පොලිසිය කියයි. කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස් මෙන්ම සේවා ලාභීන් ද අපහසුතාවයට පත්කරමින් ඔවුන් ඉදිරියේ අශෝබන ලෙස හැසිරුණු මෙම කලමණාකරණ සහකාරවරයා සම්බන්ධයෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කැකිරාව පොලිස් ස්ථානයට දැන්වීමට පියවර ගෙන තිබිණ.
කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිදු කළ දැනුම් දීම අනුව එහි ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරෙමින් සිටි කලමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති කලමනාකරණ සහකාරවරයා වයස අවුරුදු 42ක් වන අතර ඔහු කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
රාජකාරි වේලාව තුළ බීමත්ව කාර්යාල පරිශ්‍රය තුළ අශෝබන ලෙස හැසිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම කලමණාකරණ සහකාරවරයා හෙට(27) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කැකිරාව පොලිසිය කියයි.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීහු පිරිසක් එම සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ ආරම්භ කර තිබේ.WhatsApp Image 2024-03-26 at 23.38.22 (1) WhatsApp Image 2024-03-26 at 23.38.22 (2) WhatsApp Image 2024-03-26 at 23.38.22 (3) WhatsApp Image 2024-03-26 at 23.38.22