එළැඹී ඇති රාමසාන් උත්සව සමයේ ඉපලෝගම අලුත්දෙන්නැව ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් අලෙවි කිරීමේ ජාවාරමක් කොටුකර ගැනීමට ඉපලෝගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (26) සමත්ව තිබිණ.

WhatsApp Image 2024-03-27 at 14.44.12

24-03-27
කැකිරාව කුෂාන් ජයවර්ධන

එළැඹී ඇති රාමසාන් උත්සව සමයේ ඉපලෝගම අලුත්දෙන්නැව ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් අලෙවි කිරීමේ ජාවාරමක් කොටුකර ගැනීමට ඉපලෝගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (26) සමත්ව තිබිණ.
ඉපලෝගම අලුත්දෙන්නැව ප්‍රදේශයේ ගව මස් අලෙවි සැලක මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ වැටලීම සිදු කර තිබිණ.
උදාවී ඇති රාමසාන් උත්සව සමයේ ප්‍රෙද්ශවාසීන්ට අලෙවි කිරීම සදහා මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ගවමස් තොගය සූදානම් කර තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. අදාළ මස් කඩ හිමියා විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුනගේ නිසි අධීක්ෂණයෙන් තොරව, නිසි ඝාතකාගාරයක් ද නොවන ස්ථානයක ගවයකු ඝාතනය කර එම මස් මෙලෙස සිය මස් කඩය තුළ අලෙවියට සූදානම් කර තිබී ඇත.
එම මස් කඩ ව්‍යාපාරිකයා ඉපලෝගම නාරංගල්ලේගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ එළිමහනේ සකසා ඇති නාන ස්ථානයකදී මෙම ඝවයා ඝාතනය කර මස් කර ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මහජන පරීක්ෂකවරුන්ට ලද තොරතුර අනුව සිදුකළ එම වැටලීමේදී එම මස් කඩයේ අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් කිලෝ 40ක පමණ ප්‍රමාණයක් ද එම ව්‍යාපාරිකයා සමග අත්අඩංගුවට ගෙන තිබිණ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම නාරංගල්ලේගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ එම මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගය කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලද නියෝගයක් අනුව කැකිරාව ඇඹුල්ගස්වැව පිහිටි කසල අංගනයේදී විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊෆය් (26) කටයතු කර තිබිණ.
ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයසූරිය හා ඉපලෝගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අබේසුන්දර මහතාගේ උපදෙස් අනුව සේනපුර කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඒ.ඒ. රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ වැටලීම සිදුකර තිබිණ.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ ගව මස් තොගය කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලත් නියෝගයක් අනුව කැකිරාව ඇඹුල්ගස්වැව කසල අංගනයේදී විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීකෂකවරු ඊයේ(26) පස්වරුවේ පියවර ගනු ලැබූහ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ගවමස් අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මස්කඩ හිමියා කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ..

WhatsApp Image 2024-03-27 at 14.44.12