උත්සව සමය වෙනුවෙන් වෙළඳසැල් පරික්ෂාවට PHI වරුන් 3000 ක් යොදවයි

phi-n

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්යය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.