Lyrids උල්කාපාත වර්ෂාව අද දිස්වෙයි

lyrids-nee

Lyrids උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උපරිම අවස්ථාවට පත්වීමට නියමිත බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතින බවයි සඳහන් වෙන්නේ.

මෙය නිරීක්ෂණය කිරීම සඳහා හොඳම වේලාව වන්නේ අද අලුයම 4-5 දක්වා කාලයේ දී බවත්, උතුරු දිශාව ආශ්‍රිතව මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.